රෑ බදුල්ලෙක් ඇවිත් ….

Date:

රෑ බදුල්ලෙක් ඇවිත්
ඇවිද යයි
මගෙ හිතේ ගැඹුරට

සිහින තුළ
පෙනේ මට
ඒ සිඟිති
කොළ පැහැති
එළි තිත

සුදු වියළි
දහවල මත
ගෙමැස්සන්
නිල මැස්සන්
පියාඹා වද දෙන විට

ඇසි පිය වසා
අසමි
අඳුරු දෝනා තුළ
හෙමි හෙමින් ඇවිදින
රෑ බදුලු පා හඬ

සිය එළි තිතෙන්
ඉන්නා බවක් අඟවා
ගොළු රෑ බදුල්ලෙක්
අතරමං වී
මගේ හිත තුළ

~ ඉසුරු චාමර සෝමවීර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...