නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW:
දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ ආරම්භක මොහොතේ දැක් වූ දක්ෂතා ක්‍රමයෙන් ගිලිහී යන බවක් කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකෙන්ම ගම්‍ය වෙමින් තිබීම කණගාටුදායක තත්ත්වයකි.එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට පිරිමි කාණ්ඩයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව අවසාන ස්ථානයට පත්ව ඇත.

මේ වන විට කිසිඳු තරගයක් ජය ගැනීමට අවස්ථාවක් නොලද,ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම භූතානය සමඟ වූ තරගය පමණක් ජය පරාජයෙන් තොරව නිමා කර ගන්නට සමත් වී ඇත.ඔවුන් අවසාන වරට ජනවාරි 20 වන දින බංගලාදේශය මුණ ගැසුණු අතර එහිදී ගෝල 5-1 ක් ලෙස දරුණු පරාජයකට මුහුණ දුන්නේය.

තරගයේ මුල් කාර්තුවේ මුල් කොටස ද සාපේක්ෂව මුල් කාර්තුවම ද ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරන බවක් දකින්නට ලැබිණ.එම කොටස් නිමා වන විට ලකුණු පූවරුව 2-1 ක් ලෙස තබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාවට කිසිඳු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොදෙමින්,බංගලාදේශය ගෝල 3 ක් රැස් කරන්නට ක්‍රියා කළේය.
ශ්‍රී ලංකාව විසින් රැස් කරන ලද එකම ගෝලය මොහොමඩ් ෆයිසර් විසින් රැස් කරන්නට යෙදිණ.



