*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ලෝකය බලාපොරොත්තු වූ ජපානය, කිසි දිනෙක පැමිණියේ නැත

ජපානය පරිසමාප්තයෙන්ම ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය සහිත රටයි. එමෙන්ම ලෝකයේ දීර්ඝතම ආයු අපේක්ෂාව, අඩුම මිනීමැරුම් අනුපාතය, කුඩා දේශපාලන ගැටුම්, බලවත් විදේශ ගමන් බලපත්‍රයක් සහ ලොව හොඳම අධිවේගී දුම්රිය ජාලය වන ෂින්කන්සන් සහිත සාමකාමී, සමෘද්ධිමත් රටයි.

අද චීනයේ වර්ධනය වන ආර්ථික ශක්තියට ලොක බලවතුන් බිය වූ ආකාරයටම ඇමරිකාව සහ යුරෝපය වරක් ජපන් ආර්ථික වර්ධනයට බිය විය. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ ජපානය මේ වන තෙක් ගොඩ නැගී නොමැත.

1980 ගණන්වල අගභාගයේදී ජපන් ජාතිකයින් ඇමරිකානුවන්ට වඩා පොහොසත් විය. දැන් ඔවුන් උපයන්නේ බ්‍රිතාන්‍යයන්ට වඩා අඩු මුදලකි. දශක ගණනාවක් තිස්සේ ජපානය මන්දගාමී ආර්ථිකයක් සමඟ පොරබදමින් සිටින අතර, වෙනස් වීමට ඇති අකමැත්ත, අතීතයට ඇති මුරණ්ඩු බැඳීම හේතුවෙන්, ජනගහනය වයස්ගත වෙමින් හා හැකිලෙමින් පවතී.

ජපානය දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් මිදී ගෝලීය නිෂ්පාදනය ජය ගත්තේය. මුදල් ආපසු රට තුළට ගලා ආවේය. මිනිසුන් අතට අසුවන ඕනෑම දෙයක්, නව නිර්මාණ ලෙස උත්පාදනය කරන්නට උත්සුක විය. මිට්සුබිෂි, මිට්සුයි, හිටාචි, සෝනි වැනි අද්විතීය කර්මාන්ත බිහිවන්නේ එබැවිනි. 1980 ගණන්වල මැද භාගය වන විට, ටෝකියෝහි අධිරාජ්‍ය මාලිගාවේ භූමිය කැලිෆෝනියාවට සමාන වටිනාකමක් ඇති තැනක් බවට පත් විය. ජපන් ජාතිකයින් එය බුබුලු යුගයක් ලෙස හැඳින්වීය. 1991 දී බුබුල පුපුරා ගියේය. ටෝකියෝ කොටස් වෙළෙඳපොළ කඩා වැටුණු අතර දේපළ මිල පහත වැටිනි. ඒ පසුබෑම අදටද යථා තත්වයට පත්ව නොමැත.

ජපානය දිගින් දිගටම සංක්‍රමණයක් ප්‍රතික්ෂප කරමින් සිටියි. පහත වැටෙන සශ්‍රීකත්වයට සාධාරණ විසඳුමක් ලෙසවත් ඔවුන් එය සලකා බලන්නේ නැත. වසර 30ක් ගතවන තැන පවා ජපානයේ වැටුප් වර්ධනය වී නොමැත. එනමුදු දකුණු කොරියාවේ සහ තායිවානයේ ආදායම් ද ජපානය අභිබවා ගොස් ඇත. මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යමින් රට උද්ධමනයකට තල්ලු වෙමින් ඇත. මෙවන් පරිසරයක් තුළ ජපානය ක්‍රමයෙන් නොවැදගත් වේවිද, නැතිනම් ඔවුන් නැවත ප්‍රතිනිර්මාණය වේවිද යන්න ලොකයේම අවධානයට ලක්ව ඇත.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan