ඩඩ්ලි සිරිසේන දැන් රටේ වෙළඳ ඇමති වෙලා. බන්දුල ඉල්ලා අස්වෙන්න ඕනෑ හරිනම් – මුජිබර්

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මේ වනවිට රටේ වෙළඳ ඇමතිවරයාගේ රාජකාරි කරමින් සිටින බැවින් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

”ජනාධිපතිතුමා පහුගිය කාලෙ මේ රටේ හාල් මාෆියාව කඩන්න නේ ආවෙ ? හාල් මාෆියාව කඩන්න කියලා, අපට අර දකුණු ඉන්දියානු චිත්‍රපටිවල පෙන්නනවා වගේ ගිහිල්ලා පැන්නා වී මෝල්වලට, හංගපු ඒවා ගෙනාවා, අන්තිමට මොකද වුණේ ? අන්තිමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් තනතුරට හමුදාවෙ ජෙනරාල්වරයෙක් පත්කළා, ඊළඟට පාරිභෝගික පනත වෙනස් කළා පාර්ලිමේන්තුවෙ … ඒ සියලු දේවල් කළා. කරලා දැන් මොකද වුණේ ? අන්තිමට ආණ්ඩුව හාල් මෝල් හිමියන්ට යටත් වුණා නෙ … ඒකනෙ සිද්ධ වුණෙ …

දැන් හාල්වල මිල කවුද තීරණය කරන්නෙ ? දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයා මං දැක්කා ඊයෙ පෙරේදා කියලා තියෙනවා, බයවෙන්න එපා හාල් මිල වැඩිවෙන්නෙ නැහැයි කියලා. එතකොට දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයා තමයි මේ රටේ වෙළඳ ඇමතිවරයා බවට පත්වෙලා තියෙන්නෙ. වෙළඳ ඇමතිතුමා මොකක්ද කරන්නෙ ? වෙළඳ ඇමතිතුමා බඩු දෙක තුනක් එකතු කරලා, මම හැමදාම අඩුවෙන් බඩු දෙනවායි කියලා … බන්දුල ගුණවර්ධන ඇමතිතුමා අර බඩු ටිකක් පැකට් කරලා – අපි අර ගංවතුර කාලෙට බෙදන්නෙ, මිනිස්සුන්ට මොනවාහරි විපත්තියක් වුණාම. ඒ වගේ එතුමා හැමදාම මොකක්හරි බඩු කීපයක් එකතු කරලා මල්ලක දාලා මම මේක 4000 බඩුමල්ල 2000 ට දෙනවයි කියනවා, ලැජ්ජයි ! මම නම් කියන්නෙ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ගෙදර යන්න ඕනෙ”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) නෙත් එෆ්. එම්. නාලිකාවේ පැවති සංවාදයකට එකතු වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2008 ඝාතන සිද්ධියකට EPDP සාමාජිකයන් 8 දෙනෙකුට මරණ දඬුවම!

කොළඹ LNW:2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ්...

38 හැවිරිදි යතුරුපැදිකරු මහරගමදී දුම්රියක ගැටීමෙන් මරුට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මහරගම පොලිස් වසමේ නාවින්න...

නුවරඑළියෙන් බිහිවූ පළමු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයා: ටී.එෆ්.සූඩීන්ගේ කතාව

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මීදුමෙන් වෙළුණු සිහිල් තේ...

ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්!

කොළඹ LNW:ඇමරිකාව "තායිවාන ස්වාධීනත්වය" සඳහා සහාය නොදක්වන බව ඇමරිකානු...