ශ්‍රී ලංකාවට ගෙනයාමට සූදානම් කළ හෙරොයින් කිලෝ 71ක් සමඟ චෙන්නායිහිදී දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW:

මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 71ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වසරේ මේ දක්වා ඉන්දියාවේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය 17 සහ 18 යන දිනවල දියත් කළ විශේෂ මෙහෙයුමක් අතරතුර, ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DRI) විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී. චෙන්නායි හිදී සැක කටයුතු වාහනයක් සහ ඊට ආරක්ෂාව සපයමින් පැමිණි යතුරුපැදියක් නතර කර පරීක්ෂා කිරීමේදී මෙම වැටලීම සිදු විය.

එම වාහනය පරීක්ෂා කිරීමේදී, සුදු පැහැති කුඩු අඩංගු පාර්සල් 69ක් බලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

චෙන්නායි සිට තිරුචිරාපල්ලි (ට්‍රිචි) හරහා මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට සැලසුම් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව “තායිවාන ස්වාධීනත්වය” සඳහා සහාය නොදෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්!

කොළඹ LNW:ඇමරිකාව "තායිවාන ස්වාධීනත්වය" සඳහා සහාය නොදක්වන බව ඇමරිකානු...

වතුකරයේ ස්මාර්ට් පන්ති කාමර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ඉන්දීය එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතු ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් යෝජිත ස්මාර්ට් පන්ති...

2027 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද...

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සිය එක්දින...