රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW:
මහරගම පොලිස් වසමේ නාවින්න දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (19) රාත්‍රියේ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් 38 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
හයිලෙවල් මාර්ගයේ සිට රේල්වේ ලේන් (Railway Lane) දෙසට ගමන් කරමින් තිබූ මෙම යතුරුපැදිය, දුම්රිය මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස ගමන් කිරීමේදී කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව ප්‍රකාශයට පත් කෙරිණි.
මියගිය පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


