*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

කෙවින්කෙයා ලංකා සමාගම සම්පූර්ණයෙන් ස්වභාවික අන්තර්ගතයන් මුසු කරගත් නව මීරා ෆේස්වොෂ් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන කෙවින්කෙයා සමාගම විසින් සිය මීරා (Meera) සන්නාමය යටතේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්සවාකාරයෙන් කොළඹදී සිදු කෙරිණි. මීරා ෆේස්වොෂ් (Meera Facewash) නිෂ්පාදනය එලෙස වෙළඳපොළට හඳුන්වාදෙන ලද නව නිෂ්පාදනය වන අතර එය ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සමට ගැළෙපෙන ආකාරයට නිෂ්පාදනය කළ රතු සඳුන් (සුමුදු සම වෙනුවෙන්), නීම් හා තේ සාරය (කුරුලෑවලින් තොර සමක් වෙනුවෙන්)  සහ කහ (පැහැපත් සමක් වෙනුවෙන්) යන වර්ග තුනක් යටතේ හඳුන්වා දෙනු ලැබිණි.

මීරා ෆේස්වොෂ් සබන්, සල්ෆෙට් හා පැරබෙන් වලින් තොර, ඉපැරණි ආයුර්වේද පොත්වල එන ස්වාභාවික විසඳුම්වලින් නිර්මිත, සම මත මෘදුව ක්‍රියාත්මක වන නිෂ්පාදනයකි. සැලිසිලික් අම්ලයෙන් තොර මීරා ෆේස්වොෂ් ප්‍රීබයොටික් තාක්ෂණය යොදාගෙන කුරුලෑ ඇති කරන බැක්ටීරියා 99.9% ක්ම විනාශ කිරීමෙහි සමත් ස්වභාවික නිෂ්පාදනයකි.

මීරා ෆේස්වොෂ් නිෂ්පාදනය විශේෂයෙන්ම සාම්ප්‍රදායික මූලයන් හා ස්වභාවික අන්තර්ගත ද්‍රව්‍ය කෙරෙහි විශ්වාසය තබන නූතන ශ්‍රී ලාංකික කාන්තාවට ඉතාම හොඳින් ගැළපෙන නිෂ්පාදනයක් ලෙසින් නම් කළ හැකිය. උගත් හා බුද්ධිමත් නූතන ශ්‍රී ලාංකික කාන්තාව නීරෝගී සමක වැදගත්කම හොඳින් හඳුනන අතර ස්වභාවිකත්වයෙහි සාරය උකහා ගන්නා විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳව දැනුවත් හා ඒ පිළිබඳව විශ්වාසය තබන්නියකි.

මෙම අවස්ථාවවේදී අන්තර්ජාලය හා සම්බන්ධ වූ කෙවින්කෙයා සමාගමේ පෞද්ගලික නිෂ්පාදන අංශයේ ප්‍රධානී (ශ්‍රී ලංකාව, නේපාලය හා බංගලාදේශය) අරුන් චකෝ මහතා මෙසේ පැවසීය “මීරා නිෂ්පාදන පෙළ යටතේ ෆේස්වොෂ් නිෂ්පාදනය හඳුන්වාදීම අපට ඉතා විශේෂ අවස්ථාවක්. මේ සමඟ දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට මීරා සන්නාමය යටතේ අප තිළිණ කළ ගුණාත්මක විසඳුම් පෙළ තවදුරටත් පුළුල් වෙනවා. මීරා 

ෆේස්වොෂ් ශ්‍රී ලාංකික කාන්තාවගේ අවශ්‍යතාවයන්ට හොඳින් ගැළපෙන ආකාරයට නිර්මාණය කළ නවීන නිෂ්පාදනයක්. එය ජීවිතයට පහසුව සහ සුන්දරත්වය එක් කරනු ඇති බවට අපට විශ්වාසයි”

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ කෙවින්කෙයා සමාගමේ පෞද්ගලික නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා කළමනාකරු රනී මහතා මෙලෙස පැවසීය “මීරා ෆෙස්වොෂ් හඳුන්වාදීමත් සමඟ කෙවින්කෙයා ලංකා සමාගම පෞද්ගලික නිෂ්පාදන අංශයේ විශාලතම වෙළෙඳපොලකට අවතීර්ණ වෙනවා. අපේ බෙදාහැරීමේ ජාලයේ හැකියාව යොදා ගෙන ශ්‍රී ලාංකික කාන්තාවට ඉතා ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් ගෙන යාමට මේ හරහා අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා වෙසෙන සියලුම කාන්තාවන්ට මේ ගුණාත්මක නිෂ්පාදනයට ප්‍රවේශය හිමිවන බවට තහවුරු කිරීමට අප කැප වී සිටිනවා”

මීරා ෆේස්වෝෂ් ඉදිරියේදී දිවයින පුරා සියලුම අලෙවිසැල්වලින් ලබාගත හැකි වනු ඇත.

 

 

ඡායාරූප 01:

(වමේ සිට දකුණට) කෙවින්කෙයා ලංකා සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු රනේ මහතා, මීරා සන්නාම කළමනාකාරිණී නීතු ජෝස් මෙනෙවිය, කෙවින්කෙයා ලංකා සමාගමේ මෙහෙයුම් කළමනාකරු සරවනන් මහතා.  

ඡායාරූප 02:

මීරා සන්නාම කළමනාකාරිණී නීතු ජෝස් මෙනෙවිය නව නිෂ්පාදනය හඳුන්වාදෙමින්. 

ඡායාරූප 03:

කෙවින්කෙයා ලංකා සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු රනේ මහතා සභාව අමතමින්.

මීරා පිළිබඳව:

කෙවින්කෙයා සමාගමෙහි ප්‍රධානතම සන්නාමයක් අතරින් එකක් වන මීරා වසර 28 ක් පුරා කාන්තාවන් හට නීරෝගී කේශ කළ්‍යානයක් ලබාගැනීමට උර දුන් නිෂ්පාදන පෙළකින් සමන්විතය. ෂැම්පූ, ආයුර්වේද පව්ඩර්, පොල් තෙල්, ආයුර්වේද තෙල්, කන්ඩිෂනර් හා හෙයාර් වොෂ් පේස්ට් ආදී වශයෙන් වන පුළුල් පරාසයක නිෂ්පාදන මීරා සන්නාමය යටතේ පාරිභෝගිකයින් වෙත පැමිණේ. සාම්ප්‍රදායික ඉන්දීය හා දකුණු ආසියානු මූලයන් හි සාරය නව තාක්ෂණය හා මුසු කොට පාරිභෝගිකයින් හට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට තිළිණ කිරීම දශක ගණනාවක් පුරා සන්නාමය විසින් ලද සාර්ථකත්වයේ රහස ලෙස හැඳින්විය හැකිය.

කෙවින්කෙයා පිළිබඳව:

කෙවින්කෙයා සමාගම පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් පුරා ව්‍යාපත් වූ දැවැන්ත ජාත්‍යන්තර සමාගමකි. Shampoos (Chik, Meera, Karthika and Nyle), Hair Wash Powders (Meera & Karthika), Coconut Oil (Meera), Fairness creams (Fairever), Deodorant & Talc (Spinz), Pickles & Snacks (Ruchi, Chinni’s & Garden), Hair Colours (Indica), Retail Salon Products (Raaga Professional), Beverages (Maa), Dairy (Cavin’s) මෙලෙස කෙවින්කෙයා සමාගම විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන හා සන්නාම සමහරකි. මෙකී සෑම සන්නාමයක්ම ඒ ඒ නිෂ්පාදන කාණ්ඩවල ප්‍රමුඛයින් වීම සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මක බව පිළිබඳව සහතික සපයයි.  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan