බලාගාරයක් බ්‍රේක්ඩවුන් නොවුණොත් අද විදුලි සැපයුමට බාධාවක් නැහැ – විදුලි ඉංජිනේරු සංගමය

Date:

මේ වන විට කැලණිතිස්ස විදුලි බලාගාරය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ලැබී තිබෙන අතර අද දිනයේදී බලාගාරයක් හෝ අක්‍රීය නොවුණහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ විදුලි සැපයුමේ නවතම තත්ත්වය ගැන අද (21) මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරමිනි.

ඊයේ රාත්‍රියේදී කැලණිතිස්ස බලාගාරයේ බලාගාර තුනම ක්‍රියාත්මක කර ඇති අතර එක් බලාගාරයක් නඩත්තු කටයුත්තක් සඳහා රාත්‍රී 10.00 ට පමණ නතර කිරීමට සිදු වූ බවත් එය අලුයම 03.30ට පමණ යථාතත්ත්වයට පත්කර මේ වනවිට ජනනයට එක්කර ඇති බවත් කුඩාහේවා මහතා කියා සිටියේය.

එමෙන්ම GD 7 බලගාරයේත් අක්‍රීයවීමක් සිදුවුවත් ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දීමට එය බාධාවක් නැති බවයි ඔහු පැවසුවේ.

මේ අතර සපුගස්කන්ද බලාගාරයේ දැවී තෙල් ඊයේ සවස් කාලයේදී අවසන් වී තිබුණ නමුත් රාත්‍රියේදීම සපුගස්කන්ද බලාගරයටත් දැවී තෙල් මෙට්‍රික් ටොන් 370ක පමණ ප්‍රමාණයක් ලැබී තිබේ. .

ඒ අනුව අද දින බලාගාරයක අක්‍රිය වීමක් සිදු වුණේ නැත්නම් අද දවසේ විදුලිය කප්පාදුවකට යාමේ අවශ්‍යතාවක් නැති බවයි කුඩාහේවා මහතා සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරය යථාතත්ත්වයට පත්කිරීමට තවත් දින තුන හතරක් යන බව එම බලාගාරයෙන් දැනුම් දී ඇති බවද ඔහු පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...