ඔමික්‍රෝන් ලොවම වෙලා ගනී – ඊයේ ආසාදිතයන් ලක්ෂ 36 ක්!

Date:

ඊයේ දිනයේදී ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 3,611,403 ක් හඳුනාගෙන තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල ව්‍යාප්තව තිබෙන අතර ඊයේ දිනයේදී හඳුනා ගත් ආසාදිතයන්ගෙන් බහුතරයක්ම ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වේ.

ඊයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එම ප්‍රමාණය 692,320 ක් වන අතර එරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියන 70 ඉක්මවා තිබේ. ඉන් මිලියන 05 ක්ම වාර්තා වී තිබෙන්නේ අවසන් දින 07 තුළදීය.

ප්‍රංශයෙන් 425,183 ක්, ඉන්දියාවෙන් 347,254 ක්, බ්‍රසීලයෙන් 168,060 ක්, එක්සත් රාජධානියෙන් 107,364 ක් ලෙස ඊයේ ආසාදිතයන් වාර්තා වී ඇති අතර ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආජන්ටිනාව යන රටවලද ආසාදිතයන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ගත වූ දින 07 තුළ වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියන 21 ඉක්මවා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...