දෙමළ ජාතික සන්ධානයේ රහස් ඡන්දයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වයට පුද්ගලයෙකු තෝරා ගැනීමේ රහස් ඡන්දය අද පැවැත්වෙන බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වයට පුද්ගලයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ විවිධ කතාබහ ඇතිවී තිබුණි. ඒ සදහා වන රහස් ඡන්දයක් අද පැවැත්වීමට නියමිතයි.

නව නායකයා මෙලෙස තෝරා ගැනීමටයි නියමිතව ඇත්තේ, ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන රැස්වීමකදී පක්ෂ නියෝජිතයින් 340 දෙනෙකුගේ රහස් ඡන්දයකින් බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන  එම් ඒ සුමන්දිරන්/ එස් ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සින්නතම්බි යෝගේෂ්වරන් / ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වය සදහා තරගවදිනු ලබන බවට සඳහන් වේ.

මෙම රහස් ඡන්දය විමසීමෙන් අනතුරුව යාපනයේදී ලබන 28 වනදා පැවැත්වෙන පක්ෂ  මහා සම්මේලනයේදී නව නායකත්වය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සදහායි මෙලෙස නව නායකයෙකු තෝරාපත්කර ගනු ලබන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...