*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

“හොරෙක් වුණත් කමක් නැහැ, මට කීයක් හරි දෙනවා නම්” කියන තැනට රටේ මිනිස්සු පත් වෙලා – අනුර

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය ලබා දෙන්නේ ජාතික ජන බලවේගය බව
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. ඒ, ජාතික ජන බලවේගයේ පුත්තලම ආසන සමුළුව ඊයේ (20) දිනයේදී අමතමිනි.

නව පරිවර්තනයක් ගැන රනිල් වික්‍රමසිංහට හැඟීමක්වත් නොමැති බවත්, මිනිසුන්ට කන්ඩ නැතත් ආර්ථිකය හොඳ බව එයත් එයාගේ ගොලයෝ කියනා බවත් ඔහු කියා සිටී.

බෙහෙත් නැති, අධ්‍යාපනය ලබාගන්න බැරි, මිනිසුන්ට ප්‍රතිලාභ නැති ආර්ථිකයකින් ඇති ඵලය කුමක්දැයි විමසන අනුර දිසාඅනායක මහතා, එයාලාගේ ආර්ථිකය දත්ත ඇතුලේ මිස ජීවිත අභ්‍යන්තරය නොබලන බවද කියයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ,

” හෘදය සාක්ෂියක් තිබෙන, රටට නීතියක් විනයක් අපේක්ෂා කරන ජනතාව මෙවර පැහැදිලි වෙනසක් කිරීමට අප වටා එකතු වී සිටිනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේම නියෝජිතයෙක් ලෙස අලි සබ්රි රහීම්ව පාර්ලිමේන්තුවට තෝරා යැව්වා. එවැනි අය පුත්තලම දිස්ත්‍රික්කයෙන් යැවීමට ඡන්දය දුන් ඔබ, ඔබේ ඡන්දය ගැන ආඩම්බර වෙනවාද? මුස්ලිම් සහෝදර ජනතාව තමන්ගේ මන්ත්‍රී කෙනෙක් කියලා පාර්ලිමේන්තු යැවූ අලි සබ්රි රහීම් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද උපයෝගී කරගෙන රත්රං ජාවාරම් කර, අහුවුණා. නමුත් පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් නීති හදන්නත් අත ඉස්සුවා. ඊයේ නීති කඩලා එයාර් පෝර්ට් එකේදී අහුවුණු කෙනා අද නීති හදන්න පාර්ලිමේන්තුවේදී අත උස්සනවා. මේ සමාජය, ආර්ථිකය, නීතිය විතරක් නොවෙයි කඩා වැටිලා තිබෙන්නේ. මිනිසුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, ඇතුළු මුළු සමාජ දේහයම කඩා වැටිලා. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණයේ වැරදිකරු වූ ප්‍රේමලාල් ජයසේකර රත්නපුරයෙන් අංක එකට එවනවා. ගම්පහෙන් ප්‍රසන්න රණතුංග එවනවා. කළුතරින් රෝහිත අබේගුණවර්ධන එවනවා. මහනුවරින් මහින්දානන්ද එවනවා. කුරුණෑගලින් ජොන්ස්ටන් එවනවා. අනුරාධපුරෙන් මාවිල්ආරු එස්.එම්. චන්ද්‍රසේන එවනවා. මිනිස්සු හිතන පතන විදිහ කඩා වැටී තිබෙන ආකාරය මේ තුළින් පැහැදිලියි. “හොරෙක් වුණත් කමක් නැහැ, මට කීයක් හරි දෙනවා නම්” කියලා මිනිස්සු කල්පනා කළා.

එහෙම හිතලා රටක් හදන්න බැහැ. ඒ නිසා රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ. දේශපාලනය තව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ. දේශපාලනය පිරිසිදු වී මිනිසුන් මීට වඩා ගුණයහපත් අනෙකා ගැන කල්පනා කරන අය බවට පත්වෙන්න ඕනෑ. බුදු දහම, ක්‍රිස්තු ධර්මය, නබිනායකතුමාගේ ධර්මය, හින්දු ධර්මය කියන ප්‍රධාන ආගම් හතරකින් මේ සමාජයට මග පෙන්වනවා. මේ සියලු ආගම්වලින් අනෙකාට මෛත්‍රීය දක්වන්නත්, ආදරය කරන්න, සහෝදරත්වය පළ කරන්න, දේශනා කර තිබුණත් ඒ ආගම් අදහන පුරවැසියන්, හොරුන්ව පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා දැන් දේශපාලනයේ විතරක් නොවෙයි, සමාජයේත් ප්‍රශ්නයක් තිබෙනවා. නාරම්මලදී රියදුරෙකුට වෙඩි තැබූ පොලිස් නිලධාරියා “මූ මැරිලාද දන්නේ නෑ” කියලා කියනවා. වෙඩි පහරට ලක්වුණේ මිනිහෙක් නොවෙයිද? කම්පනයක් තිබෙනවාද? රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. විශේෂයෙන්ම 1978න් පසුව අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිවිපාකය බවට පත්ව තිබෙන්නේ අපේ ඇස් ඉදිරිපිට මුළු සමාජ දේහයම කඩා වැටීමයි. වැඩිම දැරියන් ප්‍රමාණයක් ලිංගික අඩම්තේට්ටම්වලට ලක්වී තිබෙන්නේ තමන්ගේ කිට්ටුම ඥාතීන්ගෙන්. අපි ඉස්සරහා තිබෙන්නේ එහෙම සමාජයක්. ආර්ථිකය හරි ගියොත් මේ සමාජය ගොඩයන්නේ නැහැ. නීතියේ විධානය ආධිපත්‍යය, තහවුරු කිරීමෙන් පමණක් ගොඩයන්නෙත් නැහැ. මේ සමාජ දේහයම අලුත් පරිවර්තනයකට ලක්කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ක්‍රියාකරන්නේ ඒ වෙනුවෙන්. මානවවාදී සමාජයක් වෙනුවෙන් සියලු අංශ පරිවර්තනය නොකර අපේ රටට ඉස්සරහට යන්න බැහැ. අපි යෝජනා කරන්නේ ඒ සමාජ පරිවර්තනය වෙනුවෙන් අවශ්‍ය බලයක් ලබා දෙන්න කියලයි.

නව පරිවර්තනයක් ගැන රනිල් වික්‍රමසිංහට හැඟීමක්වත් නැහැ. මිනිසුන්ට කන්ඩ නැතත් ආර්ථිකය හොඳ බව එයත් එයාගේ ගොලයෝ කියනවා. බෙහෙත් නැති, අධ්‍යාපනය ලබාගන්න බැරි, මිනිසුන්ට ප්‍රතිලාභ නැති ආර්ථිකයකින් ඇති ඵලය කුමක්ද? ඒ ගොල්ලෝ ආර්ථිකය දත්ත ඇතුලේ මිස ජීවිත. ඇතුලේ බලන්නේ නැහැ. සමහර අය සිතනවා බෙදන එක දේශපාලනය කියලා. දැන් කොච්චර නම් බෙදුවාද? දේශපාලන ව්‍යාපාරයක් නම්, ජනතාව ව්‍යසනයන්ගෙන් මුදාගන්න මැදිහත් වෙන්න ඕනෑ. අපි පෙනී සිටින්නේ ඒ පුළුල් සමාජ, ආර්ථික, දේශපාලනික මැදිහත්වීම වෙනුවෙන්. ඒ පරිවර්තනය වෙනුවෙන් ජනතාව අවදිකරන, ජනතාව පෙළගස්වන ජාතික ජන බලවේගයේ දේශපාලන කඳවුර එක පැත්තක සිටිනවා. අනෙක් පැත්තේ ජනතාව පීඩාවට පත් කළ, ජීවත්වීමට නොහැකි තත්වයක් ඇති කළ ජනතාව යාචකයන් බවට පත්කළ, බෙදන දේශපාලනය ක්‍රියාත්මක කරන, මහජනයාගේ ධනය සොරකම් කරන, දේශපාලනය තිබෙනවා.” මේ රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගයයි” ලෙස හෙතෙම පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan