ගොවියාගේ කරපිටින් රජ පුටුවට ආවත් ගොවි ගැටලුවලට නිසි විසඳුම් දෙන්න රජයට බැරිවෙලා – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැතිවරණ වේදිකාවේ පොරොන්දු රැසක් දෙමින් බලයට පැමිණියත් වර්තමානයේ රජය පොරොන්දු වු ආකාරයට පොහොර සහනාධාරය ලබා දීමට නොහැකි වී ඇති බවත් කොටසකට රු. 10,000ක් තවත් කොටසකට රු.15,000 දුන්නත් අංගසම්පුර්ණ රු. 25,000 සහනාධාරය දීමට නොහැකි වී ඇති බවත් මේ සහනාධාරය දෙන්නට වෙන් වී ඇති මුදලින් 40%ක් පමණක් වැය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තවද පොහොර සහනාධාරය පමණක් නොව අස්වැන්නට සහතික මිලක් අවශ්‍ය බවත් කෘෂිකර්මාන්ත කටයුතු සදහා යන වියදම ගැනවත් රජයට අවබෝධයක් නොමැති බවත් වායු සමනය කළ කාමරවල සිට තීන්දු තීරණ ගන්නා මේ අයට ගොවි ජනතාව විදින දුක, වගා හානි, පොහොර මිල ගැන හරිහැටි තක්සේරුවක් නොමැති බවත් ගොවියාගේ වියදමත් ආවරණය නොවන සහතික මිලක් දී ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ගොවියාගේ කරපිටින් රජ පුටුවට පැමිණියත් ගොවියාගේ දුක කඳුළ වේදනාවට නිසි විසදුම් ලබා දෙන්න රජයට නොහැකි වී ඇති බවත් ය.

එමෙන් ම මේ රජයට සාර්ථක ශක්තිමත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න නොහැකි වී ඇති බවත් පොරොන්දු වු දේවල් කියපු දේවල් කරන්න නොහැකි වී ඇති බවත් ගොවි සමුළු පවත්වා ගොවියාට පොරොන්දු රැසක් දුන්නත් අද ඒවා ඉටු වී නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...