කොළඹ LNW:බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති නමුත් ඒ මහතා තවමත් සිය ධුරයේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටින බව සඳහන්.
ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූ නිශ්චිත කාරණා මෙතෙක් නිල වශයෙන් මාධ්‍ය වෙත අනාවරණය වී නොමැති අතර 2024 නව රජය බලයට පත්වීමෙන් පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම තනතුරට ගාමිණී ජාසිංහ මහතාව පත් කරන ලදී.
සිය ධුර කාලය තුළ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂා කිරීම් සිදු කිරීමටත්, ‘Clean Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ බස් රථවල විනය හා ප්‍රමිතිය ඉහළ නැංවීම වෙනුවෙනුත් ඔහු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණි.


