මාලු කතා : ඔන්නෝකයි පස්නෙ ….

එකමත් එක විලක මාලු ගොඩක් හිටියා. බිලීබාන්නෙක් හැමදාම මේ විලට බිලී පිති දාලා ඇම කන මාලු අල්ලගෙන ගියා.

මේ වින්නැහ්හිය දැකපු රජ මාලුවා අනිත් උන්ට අවවාද දුන්නා.

“මාලුවා නහින්නෙ කට හින්දා, ඒ හින්දා ඇම නොකා කටවහගෙන හිටු”

ඊට පස්සෙ මාලු ඇම කන එක නැවැත්තුවා. බිලී බාන්නට හෙන අප්සෙට්. මිනිහා ඊට පස්සේ දිග කම්බියක් උල් කරගෙන විල අද්දර මාලු කොටන්න බලාගෙන් ඉන්න පටන් ගත්තා.

මේ අස්සෙ තමන් තවත් දුර බිලීබාන්නට අහුනොවෙන එක ගැන මාලුන්ට තන්තෝසයි. මාලු රජාටත් ඒ වගේ.

එක දවසක් තමන්ගෙ ජයෙන් උදම් වුන රජා බිලී බාන්නාට පොඩි කෝචෝක් පාරක් දාන්න කල්පනා කලා.

එහෙම හිතපු මාලු රජා බිලීබාන්නා ඉස්සරහින්ම “අඩෝ බිලී පොර !” කියලා වතුරෙන් උඩට පැන්නා.

බිලීබාන්නා ටක් ගාලා කම්බි උල අරගෙන මාලුරජාව කම්බියෙ අමුන ගත්තා.

ඔන්නෝකයි පස්නෙ ….

~ චූලානන්ද සමරනායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...