පුද්ගලයන් ලක්ෂයකට පමණ ප්‍රවාහන පහසුකම් සැලසෙන කුරින්චර්කර්නි පාලමේ ඉදිකිරීම් යළි ඇරඹේ!

Date:

කොළඹ LNW:ත්‍රිකුණාමලය කින්නියා හි පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනාගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චර්කර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ඉදිකිරීම් කටයුතු සඳහා ඇ.ඩො.මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.

පේරාදෙණිය බදුල්ල චෙන්කලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් උක්ත ව්‍යාපෘතියට යෙදවීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.

ඒ සඳහා වන සංශෝධිත ගිවිසුමද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල්මොසෙන් ඒ අල්මුද්ලා යන මහත්වරුන් විසින් අත්සන් තබා ඇත.

එම සංශෝධිත ගිවිසුම මඟින් පේරාදෙණිය බදුල්ල චෙන්කලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරු කිරීමට අපේක්ෂිතයි.

ඒ අනුව එම මුදල් කුරින්චර්කර්නි පාලමේ ඉදිකිරීම් වෙනුවෙන් වෙන්කරනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...