ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

Date:

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති විසඳුම් පිළිබඳ නව පැකේජයක් යෝජනා කළා. එය පවතින 5G ජාල ආරක්ෂණ මෙවලම් පද්ධතිය මත පදනම්ව, තුන්වන රටවල සැපයුම් දාමවල අනිවාර්ය “අවදානම් ඉවත් කිරීම” අරමුණු කර ගෙන තිබෙනවා.

ඇතැම් විචාරකයින්ගේ විශ්වාසය වන්නේ, “අධි අවදානම් සැපයුම්කරුවන්” යන සංකල්පයට පැහැදිලි දේශපාලන චේතනාවක් ඇති බවත්, ආරක්ෂක ගැටලු මුවාවෙන් චීන ව්‍යවසායන් යුරෝපයේ ජංගම සන්නිවේදන ජාලවන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැර කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වන බවයි.

ඊයේ(21) පැවති මාධ්‍ය හමුවේදී, මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පිළිතුරු ලබා දුන්නා. චීන ව්‍යවසායන් නීති හා රෙගුලාසිවලට අනුකූලව යුරෝපයේ දිගුකලක් ක්‍රියාත්මක වී ඇති බවත්, එහිදී යුරෝපා කලාපයේ ජාතික ආරක්ෂාව කිසි විටෙකත් අනතුරේ හෙළා නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා. ඔවුන් සැමවිටම යුරෝපයේ විදුලි සංදේශ සහ ඩිජිටල් කර්මාන්ත සංවර්ධනය දැඩි ලෙස ප්‍රවර්ධනයට දායක වී ඇති අතර යුරෝපීය ජනතාවට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවන් ලබා දීම ද සිදු කර ඇති බවයි චීනය පවසන්නේ.

ආරක්ෂණවාදයේ වැරදි මාවතට තවදුරටත් යාමෙන් වළකින ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත්, චීන ව්‍යවසායන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර චීනය ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...