බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !

Date:

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 89 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඇමතිවරයා පෙන්වා දෙන්නේ එය වසර 07 කට පසුව වාර්තා වූ ඉහළම අගය බවයි.

අවස්ථා දෙකකදී ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ නමුත් තවමත් ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 30 ක පාඩුවක් අත්විඳිමින් බවද ගම්මන්පිල මහතා පවසනවා. කෙසේ නමුත් ඉදිරි දිනවලදී යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු සූදානමක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

මේ වනවිට ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් මිලියන 500 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර එය මෙරට සමස්ත අපනයන ආදායමෙන් තුනෙන් එකකට සමාන බවද බලශක්ති ඇමතිවරයා පෙන්වා දෙනවා. මෙම බරපතල තත්වය අවබෝධ කරගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ඩොලර් හිගයකද මුහුණදෙමින් සිටින බැවින් බොරතෙල් මිල ඉහළ ගියහොත් යළිත් ඉන්ධන මිල ඉහළ දැමීම හැර බලශක්ති ඇමතිවරයාට වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

ඒ අනුව බොහෝදුරට පෙබරවාරි මාසයේදී යළිත් සැළකිය යුතු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ යාමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...