ගාසා තීරයේ අඳුරුම දිනය උදාවෙයි! පැය 24 ක් තුළ මරණ 178ක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගතවු පැය 24 තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගල මරණ 178ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගලයින් 25,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව හමාස් සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය මෙතෙක් පැවති යුද්ධයේ දරුණුතම දිනයක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඊශ්‍රායලය සිය ප්‍රහාර ආරම්භ කරනු ලැබුවේ, පසුගිය ඔක්තෝම්බර් 07වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,300ක් ඝාතනය කර 240කට වැඩිපිරිසක් ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයෙන් අනතුරුව වේ.

කෙසේවෙතත් සටන් දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළිත් වරක් පලස්තීන රාජ්‍යයක් බිහිකිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...