උද්ධමනය දෙසැම්බර් මාසයේ ඉහළ ගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එහිදී 2023 නොවැම්බර් මාසයේ දී -2.2% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2023 නොවැම්බර් මාසයේ දී 7.1% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 6.3% ක් දක්වා අඩු වී තිබේ.

වැට් බදු වැඩිවීම මත උද්ධමනය ඉහළ යෑම්ක සිදු විය හැකි බවට මහ බැංකුව මීට පෙර පුරෝකතනය කර තිබිණු අතර, එය 5% ඉක්මවා නොයන මට්ටමට පාලනය කරන බවත් ප්‍රකාශකර තිබිණි.

2022 වසරේ නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 65% කි.

දෙසැම්බරයෙදී එය 59.20 % ද පැවැතිණු අතර එම වසරේ සැප්තැම්බර් මස ඉහළම වර්ධනය වාර්ථා කරමින් 73.70% ක් ලෙස සටහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...