උද්ධමනය දෙසැම්බර් මාසයේ ඉහළ ගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එහිදී 2023 නොවැම්බර් මාසයේ දී -2.2% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2023 නොවැම්බර් මාසයේ දී 7.1% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 6.3% ක් දක්වා අඩු වී තිබේ.

වැට් බදු වැඩිවීම මත උද්ධමනය ඉහළ යෑම්ක සිදු විය හැකි බවට මහ බැංකුව මීට පෙර පුරෝකතනය කර තිබිණු අතර, එය 5% ඉක්මවා නොයන මට්ටමට පාලනය කරන බවත් ප්‍රකාශකර තිබිණි.

2022 වසරේ නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 65% කි.

දෙසැම්බරයෙදී එය 59.20 % ද පැවැතිණු අතර එම වසරේ සැප්තැම්බර් මස ඉහළම වර්ධනය වාර්ථා කරමින් 73.70% ක් ලෙස සටහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...