හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහි නඩුවක් කල් යයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුවක් ගොනු කර තිබුණු අතර, එම ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. 

අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ආර් .එස්.එස් සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් විත්තියේ නීතිඥවරු විසින් මීට පෙර මූලික විරෝධතා ගොනුකර තිබුණි. 

එම මූලික විරෝධතාවලට අදාළව අල්ලස් කොමිසම විසින් අද පිළිතුරු ලිඛිතව ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව මේ පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...