රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 2024 වර්ශයට අදාළ ප්‍රතිඵල නිකුත් වී ඇත. ඒ අනුව https://www.doenets.lk/examresults යන සබැඳියට පිවිසීම හරහා ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණි.