සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 23,(LNW)කොළඹ :
අද රග්බි නියෝජිතයන් හා පැවති හමුවේදී අප විසින් පළ කර තිබුණු රග්බි අතුරු කමිටුවක් පත් කිරිමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.පත් කිරිමේ උත්සාහයක් තිබුණ ද එය නැවතීමට තීරණය කළ බව අමාත්‍යවරයා පවසා තිබුණත් ද මෝනිං ටෙලිග්‍රාප් වෙබ් අඩවියේ ඒ වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයා සකස් කළ ලිපියක් ද පල වී තිබුණා.
එම ලිපියට පිවිසෙන්න.
https://bit.ly/3PTaqRf
අප විසින් ක්‍රීඩා අමාත්‍යංශය සම්බන්ධයෙන් ධනාත්මකව මෙන්ම සෘණාත්මකව තබන සටහන් ද බොහෝ විට අමාත්‍යවරුන්ට මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයාට ද යොමු කරනවා.
අමාත්‍යවරයා අද පැවති රග්බි නියෝජිතයන් හා හමුවේදී එම පත් කිරීම් සිඳු නොකරන බව ප්‍රතික්ෂේප කළත්,එම පත්කිරිම්වලට නම් කරන සිටින නියෝජිතයින් සම්බන්ධයෙන් ඇති චෝදනා (අප විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අනුව – https://sinhala.lankanewsweb.net/01/23/149998/) සම්බන්ධයෙන් ඉදිරියටත් ක්‍රියාමාර්ග නොගැනීමට ඉඩ ඇති බවට අදහසක් මතු කර තිබෙනවා.ඒ සිරිපාලනම් නිශ්චිත නොවන සංඛේතාත්මක පුද්ගලයෙකු උදාහරණයට ගනිමින් පෙර හොරකම් කළ ද තමන් ළඟට පැමිණි විට හොරකම් නොකරන බව කියමින්ය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රගර්වලට ඉතිහාසයේ ඇති කරන ලද දැවන්තම කළු පැල්ලම ඇති කිරීමට රාජපක්ෂ කුමාරවරුන් ජයග්‍රාහී නායකයන් කිරීම සඳහා ෆීජී ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ධජය යටතේ තරග කරවා ලංකාවට අපකීර්තියක් ඇති කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා,ඔලිම්පික් ලේකම්වරයා සම්බන්ධයෙන් කළ ආකාරයටම කටයුතු කරනු ඇතැයි සිතුවද එය බොහෝ විට පවතින ක්‍රීඩා පරිපාලනය ඇතුළේ ද සිඳු නොවනු ඇති බවට සිතිය හැකියි.
ක්‍රීඩා දෙකකින් රට නියෝජනය කිරීමේ හැකියාව සහ භාග්‍යය ඇති ප්‍රියන්ත ඒකනායක නව රජය පැමිණි පසු ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.අප වඩාත්ම ඔහු ක්‍රීඩා පරිපාලනයේදී කැපී පෙනෙන භූමිකාවක් ඉදිරිපත් කළේ ෆසීල් හුසේන් බේස්බෝල් සංගමයේ සභාපතිව සිටියදී ශ්‍රී ලංකා බේස්බෝලයට ජයග්‍රාහී මාවතක් පෙන්වන්නට මැදිහත් වූ ආකරය අනුවයි.එහෙත් නව තනතුරේ දී ඔහු කළ ක්‍රීඩාවක් වන රග්බි සම්බන්ධයෙන් හරි වැරදිකරුවන් තේරුම් ගැනීමට අමාත්‍යවරයාට ප්‍රියන්ත ඒකනායකගේ උපදේශකත්වය සහ මඟ පෙන්වීම ලැබෙනවා ද යන්න සැක සහිත වන්නේ ඔහු මේ මැදිහත්වීම්,නිලවරණ නැවත්වීම් සම්බන්ධයෙන් මෙන්ම ආසියානු අනවශ්‍යය අත පෙවීම සිඳු වූ නාමල් රාජපක්ෂ සමයේ සිට මේ දක්වා වූ සිඳුවීම් සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය වටහා දෙන්නට මැදිහත් නොවන නිසයි.
අප දිගින් දිගටම රගර් සම්බන්ධ කරන ලද හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් නම් සඳහන් ඕනෑම පාර්ශවයකට හෝ පුද්ගලයෙකුට එම හෙළිදරව් කිරීම්වල සාවද්‍ය දෙයක් වේනම් පෙන්වා දීමට අවස්ථාව තිබෙනවා.ඒ වගේම අප තව දුරටත් ශ්‍රී ලංකාව් රගර්වල කීර්තිය විනාශ කිරීම මෙන්ම අමාත්‍යවරයා විසින් දියගමදී පෙන්වා දුන් ආකාරයට පරීක්ෂණයකට යටත් කළ යුතු බව කියන පුද්ගලයින් සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනා සහ ඒ අය සම්බන්ධයෙන් මේ දක්වා හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් විනය ක්‍රියා මාර්ගයක් ගෙන ආසියානු බලපෑමට යටත් කරමින් ව්‍යවස්ථා සංශෝධනය ආදි කරුණු හරහා තමන්ට පිණුම් ගසන්නට හැකි ආකාරයට ලංකාවේ රගර් පිටිය සකස් කර ගැනීමට දරණ උත්සාහට එරෙහිව පෙනී සිටිනවා.එය නාමල් රාපක්ෂ අමාත්‍යවරයාගේ කාලයේ සිටම එක දිගට නොනවත්වා කරන ලද මැදිහත්වීමක් වන අතර ඇමතිවරු සහ නිලධාරි එය මඟ හැර ගිය ද අප විසින් රගර් ප්‍රේමී ජනතාවගේ දැන ගැනීම පිණිස එම කාර්යය නොනවත්වා නැවත නැවත සටහන් කරන්නට කටයුතු කරනවා.
එසේම ක්‍රීඩාවට ප්‍රිය පුද්ගලයෙකු වූ ප්‍රියන්ත ඒකනායක යම් ආකාරයක මැදිහත් වීමක් නොකර මේ රස්වීම්වලට සහභාගි වී නිහඬව නොසිට ඔහු සතු ප්‍රියමනාප පුද්ගල පෞරුෂය රැක ගනිමින් මේ චෝදනාලාභි පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය අමාත්‍යවරයාට පෙන්වා දෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.එසේ නොවන්නේනම් ප්‍රියන්තට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට කළු පැල්ලමක් ඇති කරමින් විදේශිකයන් ලංකාවට ක්‍රීඩා කිරීමක් සිඳු වී නැත හෝ එසේ සිඳුවීම නොසළකා හැරිය යුතු සාමාන්‍ය කරුණක් ලෙස සැළකිය යුතු ද යන්නත්,දේශපාලන නායකයන්ගේ දරුවන් චූන් කරන්නට එම තීරණය ගත් නිලධාරීන්ම රටේ රගර් සංවර්ධනයට ලැබෙන මුදලින් පැන වූ දඩය ගෙවීමට කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ පසුබෑමක් ඇති නොවුණේ ද යන්නත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
එසේම හිටපු සභාපතිවරුන් යටතේ ශ්‍රී ලංකා රගර් මිලියන 55 ක් පමණ ණය බරකට ඇඳ වැටුණේ කෙසේද යන්න විගණනයක් කළ යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ද රග්බි පිටියට ක්‍රීඩකයෙකු ලෙස දහඩිය එකතු කරපු විශිෂ්ඨයෙක් ලෙස මැදිහත් නොවන්නේ මන්දැයි යන්නත් අප ප්‍රිය ප්‍රියන්තගෙන් ප්‍රශ්න කර සිටිනවා.