*
Friday, January 24, 2025
spot_img

Latest Posts

දිනන්න පුළුවන් කියන විශ්වාසය ගොඬ නැංවූ තරගයක්

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 23,(LNW)කොළඹ :

අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පරාජය අත් වීදීමට සිදු වුණා.ඒ ඉන්දියාව සමග පැවති තරගයේදී ලකුණු 60 ක පරාජයක් සමඟින්.වත්මන් අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක සූරියන් වන්නේ ඉන්දීය කණ්ඩායම වන අතර ඔවුන් හා තරගයේදී ශ්‍රී ලංකාවට පළමු වරට මේ තරගාවලියේදී දෙවනුව පන්දුවට පහර දීමේ අවස්ථාව උදා වුණා.


පළමුව පන්දුවට පහර දෙමින් මේ තරගාවලියේ අවස්ථා දෙකේදීම නව වාර්තා තියා වැඩි ලකුණු රැස් කර සිටි ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ඉන්දියාවට පන්දුවට පහර දීමට ආරාධනා කිරීම තුළින්,ඔවුන් තම පන්දු යැවීම හරහා පාලනය කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සනාත කර ගත්තා.තරගාවලිය තුළ පන්දු යැවීමෙන් පෙරමුණේ සිටින චමුදි ප්‍රබෝධා පාලනය කිරීමේ සැළසුමක් සහිතව ඉන්දීය කණ්ඩායම මේ තරයට පිවිස සිටි අතර ඇයගේ පළමු පන්දු ඕවරයෙන්ම ලකුණු 11 ලබා ගනිමින් පීඩනය ශ්‍රී ලංකාව පැත්තට හැරවීමට ඉන්දියාව උත්සාහ ගනු ලැබුවා.


එහෙත් මුළු තරගය පුරාම පන්දු යවන්නියන් වෙනස් කිරීමේ දී කැපී පෙණුන නායිකා මනුදි නානායක්කාර චමුදි වෙනුවට ප්‍රමුදි මෙත්සරා යොඳවමින් එක පන්දු ඕවරයක් තුළ කඩුලු 2 ක් ම ඉන්දියාවෙන් උඳුරා ගැනීමත් සමඟ තරගය ශ්‍රී ලංකාව දෙසට දෝලනය වුණා.ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු 44 ක් ලකුණු 49 ක් ලැබූ ත්‍රීෂා ගොන්ගාඩි හැරුණු විට සෙසු පිතිකාරිණියන් පාලනය කර ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හොඳින් ක්‍රියාත්මක වුණා.පන්දු යැවීමේදී ප්‍රමුදි මෙත්සරා ලකුණු 10 කඩුලු 2 ක් සහ ලිමන්සා තිලකරත්න ලකුණු 14 ට කඩුලු 2 ක් ලෙස සෙසු පන්දු යවන්නියන්ට වඩා පලදායී පන්දු යැවීමක නිරත වුණා.
මේ අභියෝගය හමුවේ ප්‍රචන්ඩ පිතිකරණයක් සහිත කණ්ඩායමක් ලෙස නම් දා සිටි ඉන්දියාවට පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 9 ක් ම අහිමි වී රැස් කරන්නට ලැබුණේ ලකුණු 118 ක් පමණයි.පන්දු රැකීමේදී ද සුළු වශයෙන් සිඳු වූ අතපසු වීම් නිසා ශ්‍රී ලංකාවට යම් අවාසියක් සිඳු නොවෙන්නට ඉන්දීය ඉණිම වම් ආකාරයකට ලකුණු 100 ට මෙපිට රඳවා ගැනීමට ද ඉඩ තිබුණු අතර කෙසේ වෙතත් ජාත්‍යන්තර විචාරයන් හී දී ශ්‍රී ලංකාවේ නායකත්වය මෙන්ම,කණ්ඩායමේ ලාබාල හැඩය සමඟ ඉන්දීය පිතිකාරිණියන් බැඳ තබා ගනිමින් පන්දු යැවූ අයුරු සහ පන්දු රැකීමේ කුසලතා ද ඉහළින් වර්ණනනාවට ලක් වුණා.
කෙසේ වුවත් පන්දු යැවීමේන් අත් කර ගත් වාසිදායක බව ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමේදී තබා ගන්නට හැකි වුණේ නැහැ.එහිදී නොසැළකිල්ල මෙන්ම අනවශ්‍යය පීඩනයකට තමන් තමන් විසින්ම ලක් කර ගැනීමක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් දකින්නට ලැබුණා.එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායම සුළුවෙන් සිතා තිබුණෙු නැහැ.එම මිම්ම නිවැරදි බව ශ්‍රී ලංකාව පන්දු යැවීමේදී ඔප්පු කර පෙන්නා දුන්නා.එහෙත් ඉන්දියාව සුළුවෙන් නොසිතා තරගය ගැන සැළසුම් කර තිබුණා.
විශේෂයෙන් තරගාවලියේ හොඳම පිතකාරිණිය බවට පත්ව සිටින දැහැමි සෙනෙත්මා දවා ගැනීමට ඔවුන් යෙදූ උපාය ඊට හොඳ උදාහරණයක්.එවැනි උගුල්වල පැටලීම මෙන්ම සංජනා සෙව්වන්දි වැනි ලකුණු අතර සිටින්නියක් තව ටිකක් ඉවසා නොසිටීම ශ්‍රී ලංකාවේ මුල කඩා වැටීමට බලපෑවා.විශේෂයෙන් ඉවසීම ජයග්‍රහණයේ ප්‍රධාන අවශ්‍යයතාවයක්ව පැවති මොහොතක මනුදි නානායක්කාර හදිසි වී දුවද්දී දැවී යාම නො‘සිඳුවිය යුතුව තිබුණු දෙයක්.


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 15 ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභිණිය වූ රශ්මිකා සෙව්වන්දි වුවත් තව මදක් ඉවසා සිටියේනම් ශ්‍රී ලංකාවට තරගය නැවත හරවා ගැනීමට තිබුණා.ඉදිරි තරගවලදී ශ්‍රී ලංකාවට ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමට හැකියාව තිබෙන බව පැහැදිළි කරපු පරාජයක් ලෙස ඉන්දීය පරාජය ගැනීම වැදගත් වෙනවා.ශ්‍රී ලංකාව කරන ලද වැරදි අඩුපාඩු නිසා ලැබුණු පරාජයක් මිස මේ තරගයේදී ඉන්දියාව පරාජය කර ජය ගැනීමට හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබුණු බව ඉතාමත් පැහැදිළියි.
ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හිරුනි හංසිකා වෙනුවට මුල් පෙළ පිතිකාරියක ලෙස අසාර්ථකව සිටින විමෝක්ෂා බාලසූරිය පහත අංකයකින් පිතිකරණයට ගෙන ඒම හෝ නේත්‍රාංජලී වැනි පන්දු යැවීමේන් ද හොඳ වැඩ ක් ගත හැකි ක්‍රීඩිකාවක් පසුපෙළ පිතිකරණයට ද හොඳ නිසා කණ්ඩායම කැඳවීම වැදගත් වනු ඇත.එසේම මේ තරගයේදී අවසාන කඩුලු දෙක සඳහා සිය කඩුලු රැක ගැනීමේ ඉවසීම ප්‍රදර්ශනය කළ අසේනි තලගුණේ,ප්‍රමුදි මෙත්සරා සහ චමුදි ප්‍රබෝධා සියලු කඩුලු දැවී යාම වළක්වා ගනිමින්,හ්‍රී ලංකා පෙර පිතිකාරිණියන්ට සිය වගකීම ගැන අභ්‍යාසයක් ද කරනු ලැබුවා.


දසවන ඕවරයේ අවසාන පන්දුවේදී අටවන කඩුල්ල දැවී යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසාන අංක තුන (9,10,11) පිතිකාරීනියන් මුළු කණ්ඩායම නොදැවී සිටීම සඳහා ගත් ක්‍රියාමාර්ග ඉහළින් අගය කළ යුතුයි.දැන් පරාජය විසින් ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකිය යන විශ්වාසය තරගයේ ස්වභාවය සමඟ ඇති වීම වැදගත් වෙනවා.ඒ විශ්වාසය වැඩ කරන ක්‍රියා පදයක් කිරීමට තරුණ ක්‍රීඩිකාවන්ට අප හදවතින්ම සුබ පතනවා.
තරගයේ ලකුණු විස්තරයට – https://es.pn/4aqRQtn

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan