ලන්දේසි කෞතුකාගාරවල ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත ලබාදීමට නෙදර්ලන්තය එකඟ වෙයි !

Date:

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බැච් (Bonnie Horbach), නෙදර්ලන්ත උපදේශක කමිටුවේ සාමාජික ඇලිෂියා ශ්‍රිකර් (Alicia Schrikker) සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති ලේඛම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුනි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලන්දේසි කෞතුකාගාරවල ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර අතර යටත් විජිත යුගයේ සංස්කෘතික වස්තූන් නැවත ලබා දීම පිළිබඳ එවකට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ඉල්ලීමට නෙදර්ලන්ත රාජධානියේ රජය එකඟ වී තිබේ.

මෙම වටිනා කෞතුක වස්තු ප්‍රවාහනය, ගබඩා කිරීම සහ ආරක්‍ෂාව සඳහා වන ක්‍රම පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

මෙම කෞතුක වස්තු ආරක්‍ෂිත ලෙස ගබඩා කිරීම සඳහා අධි ආරක්‍ෂිත, ආර්ද්‍රතාවය පාලනය කරන ප්‍රදේශ අවශ්‍ය වන අතර ජාතික කෞතුකාගාරයේ කෞතුක වස්තු ගබඩා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන තෙක් කෞතුක වස්තු පිළිබඳ පර්යේෂණ කිරීමට සහ අධ්‍යයනය කිරීමට සිසුන්ට සහ විද්වතුන්ට පහසුකම් සැලසීමටද නෙදර්ලන්ත රජය ඉදිරිපත් වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...