දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයාගෙන් සාක්ෂි

Date:

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ වැඩිමහළු සහෝදරයා වන ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය වෙනුවෙන් අද (23) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්නේය.

අද (23) පස්වරු 1. 00ට පමණ ආරම්භ වූ සාක්ෂි ලබාදීම විනාඩි හතලිස් පහක පමණ කාලයක් සාක්ෂිය ලබා දුන් අතර මෙම සාක්ෂිය සටහන් කර ගැනීම කෙරුණේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදීය.

ඒ හේතුවෙන් මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාගැනීම වාර්ථා කිරීමට අධිකරණ මාධ්‍යවේදීන්ට නොහැකි විය.

මෙම මරණයට අදාළ නඩු භාණ්ඩ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට නියෝග කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...