දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයාගෙන් සාක්ෂි

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ වැඩිමහළු සහෝදරයා වන ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය වෙනුවෙන් අද (23) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්නේය.

අද (23) පස්වරු 1. 00ට පමණ ආරම්භ වූ සාක්ෂි ලබාදීම විනාඩි හතලිස් පහක පමණ කාලයක් සාක්ෂිය ලබා දුන් අතර මෙම සාක්ෂිය සටහන් කර ගැනීම කෙරුණේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදීය.

ඒ හේතුවෙන් මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාගැනීම වාර්ථා කිරීමට අධිකරණ මාධ්‍යවේදීන්ට නොහැකි විය.

මෙම මරණයට අදාළ නඩු භාණ්ඩ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට නියෝග කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට...

කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්...

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...