අදානිගේ පුනරීන් බලාගාර ගිවිසුම අහෝසියි!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය පියවර ගෙන තිබේ.

එම ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමේදී මතුව තිබුණු තාක්ෂණික කාරණා මෙන්ම පාරිසරික ගැටළු ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය උක්ත තීරණයට පැමිණ ඇත

දේශීය ලංසුකරුවන් ශත 4.88 ක් වැනි අඩු මිලකට මිල ගණන් ඉදිරිපත් කර තිබූ අවස්ථාවක, අදානි සමාගම විසින් ඉදිරිපත් කරන ලද කිලෝවොට් පැයකට ඇමරිකානු ශත 8.26 ක් වැනි මිල ප්‍රමාණයකට මෙම ව්‍යාපෘතිය ලබා දීමට පසුගිය ආණ්ඩුව තීරණය කර තිබුණි.

එමෙන්ම මෙම බලාගාරය ඉදිකිරිම මඟින් අයහපත් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවත් මන්නාරම සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් වාසස්ථානයක් වීම මත වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය, සීමාසහිත පාරිසරික පදනම ඇතුළු බොහෝ පාරිසරික සංවිධානද ඊට විරෝධය පළ කර තිබුණි.

එම ප්‍රදේශයේ ජනතාවද ඊට විරෝධය දක්වා සිටියේ දේශීය කර්මාන්ත හා ජීවනෝපයන්ට සිදුවන හානිය මතුකර දක්වමිනි.

ඒ අනුව, ‘මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් හි යෝජනාව’ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2024-05-06 දිනැති CP අංක 24/0850/621/047 දරන කැබිනට් තීරණය අවලංගු කිරීමට දෙසැම්බර් 30 වන දින රැස්වූ නව කැබිනට් මණ්ඩල‍ය තීන්දු කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...