ලෝක එක්දින කණ්ඩායමේ නායකත්වය අසලංකට – කාන්තා එක්දින සහ පිරිමි ටෙස්ට් ලෝක කණ්ඩායමටත් ලාංකිකයෝ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂික එක්දින කණ්ඩායම නම් කිරීමේදී එහි නායකත්වය ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංකට පවරා තිබෙනවා.චරිත්ට අමතරව තවත් ලාංකිකයන් තිදෙනෙක් මෙම කණ්ඩායමේ දකින්නට ලැබෙනවා.


පැතුම් නිශ්ශංක පිතිකරුවෙකු ලෙසත්,වනිඳු හසරංග පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත් කණ්ඩායමට ඇතුළත් කර ගෙන තිබෙන අතර ලෝක එක්දින කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකිම සමඟ මුල්පෙළේ පිතිකරුවෙකු විමේ අවස්ථාව කුසල් මෙණ්ඩිස් පවරා තිබෙනවා.


මෙම එක්දින කණ්ඩායමට ආසියානු කණ්ඩායම්වලින් ක්‍රීඩකයින් 10 දෙනෙක් කැඳවා ඇති අතර ඒ අනුව පකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ද ක්‍රීඩකයින් තිදෙනා බැඟින් මෙ කණ්ඩායමට කැඳවා තිබෙනවා.ආසියාවෙන් පිට ලෝක එක්දින කණ්ඩායමට නම් කර තිබෙන එකම ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂෙර්ෆාන් රදර්ෆෝඩ් කැඳවා ඇත.


ලෝක එක්දින කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා නායකා චමරි අතපත්තු කැඳවා ඇති අතර පිරිමි ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට හැකි වී ඇත්තේ කමිඳු මෙණ්ඩිස්ටයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...