මැතිවරණ දිනයේ ගැසට්ටුව තවමත් නිකුත් නොකෙරුණු හේතුව කොමිසමේ සභාපති කියයි

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තවමත් ගැසට් නොකිරීම ගැන ප්‍රශ්න කරන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අය විසින් යැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාටවත් විශ්වාසයක් තියෙනවාද මාර්තු 09 වෙනිදා මේ මැතිවරණය තියෙයි කියලා ?

“මෙතන ඉතින් විශ්වාසය පිළිබඳ ගැටලුවක් නෙවෙයි තියෙන්නෙ. කොමිසමක් හැටියට අපට තියෙන්නෙ නීත්‍යානුකූල වගකීමක් ඉෂ්ට කරන්න. අපි ඒ නීත්‍යානුකූල වගකීම ඉෂ්ට කරගෙන යනවා. ඒ අනුව අපි මාර්තු 09 ඡන්දය තියන්න සැලසුම් කරගෙන යනවා. ඊට අවශ්‍ය මූලික කාරණා ඔක්කොම කරගෙන යනවා”

ප්‍රශ්නය – සමහරු ප්‍රශ්න කරලා තිබුණා ඇයි මේකට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ නැත්තෙ කියලා ?

“ඒක තමයි, ඒක ගැන අනවබෝධයෙන් හා පූර්ණ අධ්‍යනයකින් තොරව තමයි ඒ කතාව කියලා තියෙන්නෙ. මොකද පළාත් පාලන මැතිවරණවල දිනය ප්‍රකාශ කරන්නෙ කොමිසම නෙවෙයි. ඒක ප්‍රකාශ කරන්නෙ ඒ ඒ ආයතන මට්ටමෙන් තේරීම් භාර නිලධාරීන්. කොමිසම විසින් ඒ දිනයට එකඟත්වය ලබාදීම කරන්නෙ. සාමාන්‍ය සම්ප්‍රදාය තියෙන්නෙ නාමයෝජනා භාරගත්තාට පස්සෙ ඒ ප්‍රදේශවල තේරීම් භාර නිලධාරීන් දිනයක් ඒ එකඟත්වය අනුව ප්‍රකාශ කරනවා. ඊට පස්සෙ ඒක ගැසට් කරන්න දිනය විතරක් බෑ. ඒක ගැසට් කරනකොට ආයතන කොච්චරද, මොන පක්ෂද තරග කරන්නෙ, කවුද අපේක්ෂකයින්ගෙ නම්, මොනවද ඡන්ද කොට්ඨාස, මේ සියල්ල උපලේඛන එක්ක තමයි දිනය ගැසට් කරන්නෙ”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...