අසල්වැසි ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම්

Date:

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ ණය අර්බුදයෙන් පීඩා විඳින අසල්වැසි ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවත් ඒ සදහා ඉන්දියාව කැපවී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන බවත්ය.

ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සහාය ශක්තිමත් වන බවත් එහි සඳහන් වේ.

මිලියන 22ක ජනතාවක් සිටින ශ්‍රී ලංකාව පසුගිය වසර තුළ විදේශ මුදල් හිඟයේ සිට උද්ධමනය සහ දැඩි අවපාතය දක්වා අභියෝග සමඟ සටන් කරමින් සිටින අතර දශක හතක් තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවසන් ගිවිසුමකට එළැඹීමට චීනයේ සහ ඉන්දියාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.

මේ අතර IMF ප්‍රකාශකයෙක් සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ශ්‍රී ලංකාව වෙනත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමාන සහතික ලබා ගැනීම සඳහා සම්බන්ධ වී සිටී” යනුවෙනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය