අවුරුදු ගණන් ඕනෙ නෑ, ඉදිරි මාස තුන ආණ්ඩු කරන්නේ කොහොමද පෙන්නන්න – කිරිඇල්ල රජයට කියයි

Date:

වසර ගණනක් ඉදිරියට රට පාලනය කරන්නේ කෙසේද යන්න නොව අවම වශයෙන් ඉදිරි මාස තුන තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කෙසේදැයි හැකි නම් පෙන්වා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට පවසයි.

”රජයට කියන්නෙ, අවුරුදු ගණනාවක් ඉස්සරට බලන්නෙ නැතුව ඉදිරි මාස තුන ආණ්ඩු කරන්නෙ කොහොමද කියලා පෙන්නන්නකෝ. මේ සතියේ ඉන්ධන නැහැ. පැය හතරක විදුලි කප්පාදුවක් එනවා. ඒකට මොකක්ද උත්තරේ ? ඒවාට උත්තර නැහැ. කන්ටේනර් 1000ක් විතර වරායේ හිරවෙලා තියෙනවා, ඒවාට උත්තර නැහැ. පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයින්ට සල්ලි ඇරගන්න බැහැ මෙහෙ ඉඳලා. ඒගොල්ලො අනාථ වෙලා ඉන්නෙ. ඉතිං මේ වංචාව කාගෙද ? වැඩ පුළුවන් එක්කෙනාට දවසක් දුන්නත් ඇති, බැරි එක්කෙනාට කල්පයක් දීලාත් වැඩක් නැහැ”

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...