මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර 15ක්. තවමත් යුක්තිය නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කර ඊයේ (24) දිනයට වසර 15ක් සපිරුණි.

2010 ජනවාරි 24 වනදා කොළඹ තදාසන්න ප්‍රදේශයකදී පැහැරගෙන යන ලද ඒ මහතා පිළිබඳව මෙතෙක් අධිකරණයක් හමුවේ සත්‍යය අනාවරණය කර යුක්තිය තහවුරු කර නොමැත.

ඒ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ඊයේ දිනයේත් නවගමුව පත්තිනි දේවාලයේදී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වූවාය. ඒ, ප්‍රගීත් එක්නැළිගොඩ මහතා සහ ඒ මහතා මෙන්ම යුක්තිය අහිමිවූ සියල්ලන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය මර්දනය සහ අපරාධ මුක්තිය පිළිබඳ සංකේතයක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඉරණම අදටත් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් වශයෙන් යටගසා පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...