ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරනු – මාධ්‍යවේදී සුගීර්තරාජන්ගේ 19 වැනි සැමරුම! (PHOTO STORY)

කොළඹ LNW:ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් 24 ත්‍රිකුණාමලයේදී වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

මාධ්‍යවේදී සුගීර්තරාජන්ගේ 19 වැනි සැමරුමට සමගාමීව එය පැවැත්විය.

නැගෙනහිර පළාත් මාධ්‍යවේදී ෆෝරමය,යාපනය ප්‍රෙස් ක්ලබ්,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදී සංගමය,වව්නියා ප්‍රෙස් ක්ලබ්,කිලිනොච්චි මාධ්‍ය ෆෝරමය,මුලතිව් ප්‍රෙස් කල්බ්,මන්නාරම ප්‍රෙස් ක්ලබ්,වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු උතුරු නැගෙනහිර මාධ්‍ය සාමූහිකයන් එක්ව මෙය සංවිධානය කර තිබුණි.

ත්‍රිකුණාමලය ඕර්හිල් පාර්ක් හිදී එය සංවිධානය කර තිබුණු අතර අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත පාගමනින් ගොස් ඒ ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විය.

විරෝධතාවෙන් පසු, පසුගිය පාලන සමයන් තුළ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දීමටද සංවිධයකියින් කටයුතු කරන ලදී.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්​න

සියලු පොටෝ බලන්න-https://www.readphotos.com/photo-stories/704/19th-com-sug

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...