ව්‍යාපාරික නිමල් පෙරේරාට ප්‍රභූ ආරක්ෂාව ?

Date:

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන නිමල් පෙරේරාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙක් අනුයුක්ත කරලා කියලා ආරංචියි.

නිමල් පෙරේරා දිනපතා ශරීර සුවතා ව්‍යායාම් කරන්න කොළඹ හිල්ටන් හෝටලයේ ජිම් එකට එනවා. දැන් එයා එන්නේ ආරක්ෂක නිලධාරීනුත් එක්ක ලු. ඉතින් හිල්ටන් ජිම් එකේ සාමාජිකයින් හැමෝම වගේ පුදුම වෙලා ඉන්නවාලු මෙයාට කොහොමද ප්‍රභූ ආරක්ෂාවක් ලැබිලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම ජනාධිපතිගේ, අගමැතිගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ පවා ප්‍රභූ ආරක්ෂාව අඩු කරමින් යන කාලයක ඔය කිසිම ආරක්ෂක තර්ජනයක් නැති නිමල් පෙරේරාට විශේෂ ආරක්ෂාවක් මොකටද කියලා ඒගොල්ලෝ කතා වෙනවා ලු.

කාලයක් රාජපක්ෂ පවුලේ සමීප විශ්වාසවන්තයෙක් හැටියට ඉඳපු නිමල් පෙරේරා දැන් ඉන්නේ රාජපක්ෂලා එක්ක හොඳටෝම තරහින්. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදෙන්න යාමේ හිලව්වට මෙහෙම විශේෂ ආරක්ෂාවක් ලබාදීලා කියලායි කතාව යන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...