මීගමු වෙරළේ දි දීලීපගෙන් සහ මලීන්ගෙන් ඉහළ දස්කම්

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 25 ,(LNW)කොළඹ :

මීගමුව වෙරළේ පැවත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ පළමු දිනය නිමාවේ ශ්‍රී ලංකා පිරිිමි සහ කාන්තා කණ්ඩායම් කැපී පෙනෙන දස්කම් පෙන්වන්නට සමත්ව තිබෙනවා.ඒ අතරින් ශ්‍රී ලංකාව ලද වැදගත්ම ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා අංක එක කණ්ඩායම නියෝජනය කරන දීලීප චාමික සහ මලින් ඩිල්ෂාන් වාර්තා කළ ජයග්‍රහණය කැපී පෙණුනා.


දිලීප සහ මලීන් විසින් එහිදී ඉරානයේ GhalehNovi/Abolhassan පරාජයට පත් කිරීම විශේෂත්වයක් ගත්තා.ඒ අතරින් GhalehNovi Aghajani 19 පහළ ආසියානු ශූරතාවය සහ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන ශූරතාවයේ තෙවන ස්ථානය දිනා,FIVB ශ්‍රේණිගත කිරීම්වල 57 වන ස්ථානයේ රැඳී සිටින යුගලයේ සාමාජිකයෙකු ද වෙනවා.


ශ්‍රී ලංකාව පිරිමි අංශයේදී එක් තරගයක් පරාජයට පත් වුණා.ඒ ශ්‍රී ලංකා අංක තුන කණ්ඩායම නියෝජනය කරන නලීන් පෙරේරා සහ මධූෂ වික්‍රමසිංහයි.ඔවුන් දෙදෙනා කසකස්තානය නියෝජනය කරන Yakovlev/Bogatu දෙදෙනා අතින් පරාජයට පත් වුණා.එසේම නලීන් සහ මධූෂ ශ්‍රී ලංකා අංක දෙක කණ්ඩායම නියෝජනය කරන සඳුන් මධුෂංක සහ අංජන සංදීප වෙතින් ද පරාජයට පත් වුණා.


කාන්තා අංශයේදී ද කසකස්තානයේ Kabulbekova/Ivanchenko දෙදෙනා අතින් ශ්‍රී ලංකා අංක 1 කණ්ඩායම වන කසුනි තාරුකා සහ දීපිකා බණ්ඩාර පරාජයට පත් වුණා.ශ්‍රී ලංකාව සහභාගි වූ සෙසු තරග සියල්ල ජයග්‍රහණය කරනු ලැබුවා.


මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වීමට යෝජනා වූ මොහොතේ මේ වගකීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය උර දී ක්‍රියා කළේ ක්‍රීඩා අමාත්‍යංශය ද,තරගාවලිය අනුග්‍රහයේ බර පැනට උර දෙන්නට වූ පොරොන්දුව මතයි.නව ආණ්ඩුව යටතේ ක්‍රීඩා අමාත්‍යංශයේ අලුත් වී ඇත්තේ දේශපාලන නායකත්වය වුවත්,වගකීම් පැවරුණු නිලධාරීන් ප්‍රමාණය සියයට අනූවකටත් වඩා නියෝජනය කරන්නේ පැවති ආණ්ඩුව සමයේ සිටි පිරිසයි.

එම ඇතැම් පිරිසක් රාජපක්ෂ පාලන සමයේ රටට වින කරන ලද පිරිස් නැවත ක්‍රීඩාවේ බලයට කැඳවීමට ඒ වෙනුවෙන් ජාත්‍යන්තර බලපෑම ඇතැයි දේශපාලකයන් නොමඟ යවමින් සිටියත්,රටට ආර්ථික වශයෙන් මෙන්ම කීර්තිය ද උපයා දෙන මෙවැනි තරගාවලිවල පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් මැදිහත් වෙමින් මඟ පෙන්වන බවක් පෙනෙන්නට නොමැත.
පළමු දිනයේ තරග ප්‍රතිපල ද ඡායාරූපාකාරයෙන් මෙහි පළ කර තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...