*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මාස අටක් තුළ පොලීසියේ ප්‍රශ්න රැසක් විසඳූ හැටි ඇමති ටිරාන් කියයි

තමන් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය භාරගෙන ගෙවීගිය මාස 8ක කාලය තුළ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට වසර ගණනක් තිස්සේ විසඳුම් නොමැතිව පැවති ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදීමට හැකිවූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

“මම පළමුවෙන්ම සුබ පතන්න කැමතියි ප්‍රථම වතාවට ස්ථානාධිපති ධූරයක් ලබපු සියලු දෙනාට. ඒ වගේම මම ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා අපි සමග අද එකතු වෙලා මේ ඔහු ළඟ තියෙන දත්ත අප සමග බෙදා ගැනීම ගැන.

අපි මේ වගේ හමු වීමක් පවත්වන්න ඕනෙ කියලා තීරණය කළේ සියලු දෙනා ළඟ තියෙන දත්ත හුවමාරු කරගෙන ඒ මගින් අලුත් ස්ථානාධිපතිවරු,ජේෂ්ඨ පොලිස් නිලධාරීන් යම් කිසි දෙයක් ලබාගෙන ඒවා තම තමන්ගේ පළාත්වල ඒ ලබාගත්තු දැනුම ප්‍රයෝජනයට ගනී කියලා. ඉතිං මං කියන්නේ මේ වගේ දේකට ආවම කරුණාකරලා හොඳට අහගෙන ඉඳලා තේරුම් අරගෙන ඒවාගෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ මොකෝ මං දැක්කා සමහර නිලධාරීන් නිදාගෙන ඉන්නවා. මං හොඳටම බලාගත්තා කවුද කියලත්, ඉතින් මේ වගේ දෙයක් අපි සල්ලි වියදම් කරලා සියලු දෙනාම මෙතැනට ගෙන්නලා, මේ ඔක්කොම කරන්නේ තමුන්ට හොඳක් වෙයි කියලා අපිට වඩා, ඒ අදහසින් තමයි කරන්නේ.

දැන් පොලිස්පතිතුමාත් පොලිසියේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය මං හිතන්නේ ඉතා පැහැදිලිව කියලා දුන්නා. ඔබ සියලු දෙනා දන්නවා මං මෙම අමාත්‍යාංශය භාරගත්තේ මොන වගේ වාතාවරණයක් තියෙන වෙලාවකද කියලා. මැයි 9 වෙනිදා වෙන්න තිබුණු සියලු ප්‍රශ්න ඇතිවෙලා ඊට පස්සෙ මම බාර අරගෙන මං ඇවිල්ලා මාස 8 යි.

මේ මාස 8 තුළ අපි ඉස්සෙල්ලම තීරණය කෙරුවේ, එකක් තමයි අපි පොලිසිය වැටිලා තිබුණ තත්ත්වයෙන් ගොඩ ගන්න. ඒක තමයි මගේ පළවෙනිම අරමුණ වුණේ.ඒ මොකද මං මේ අමාත්‍යාංශය භාර ගන්න ඉස්සෙල්ලා මම ටීවී එකේ දැක්කේ, පොලිසියේ අයට ගහන ඒවා බනින ඒවා යුනිෆෝම් එකෙන් ඇදගෙන යන ඒවා. ඊළඟට නිකං හරක් බල්ලො එලවනව වගේ එලවන ඒවා, ඒව තමයි මම දැක්කේ.

ඉතින් පොලිසියේ ආත්ම ගෞරවය එහෙම්මම නැති වෙලා තිබුනේ. නමුත් මම සන්තෝසයි ජනාධිපතිතුමයි මමයි ගත්ත තීරණ නිසා අපිට පුළුවන් වුණා නැවත ඒ ආත්ම ගෞරවය පොලිසියට ලබා දෙන්න.
ඒක තමයි අපි ඉස්සෙල්ලාම කරපු දේ මේ මාස අටේ.

නමුත් ඊට පස්සෙ මම කල්පනා කෙරුවා අපි පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් කරගන්න නම් ඉස්සෙල්ලා අපි ඔවුන්ට තියෙන ප්‍රශ්නත් බලලා විසඳන්න ඕනි කියලා.

ඉතින් පොලිස්පතිතුමත් මා එක්ක කතා කෙරුවා. ගොඩක් දැවෙන ප්‍රශ්ණයක් තමයි 2019 ඉඳන් බලාපොරොත්තුව හිටිය ආහාර දීමනාව එක. නමුත් ඒක කරගන්න බැරි වෙලා තිබුණා. හැබැයි අපිට ඒ වෙනුවට බටා එක දින 14 ඉඳන් 21 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණා මේ කාලේ.

එතකොට තව ප්‍රශ්නයක් තිබුණා නඩු වලට රාජකාරි කරන්න ගිහිල්ලා නඩු වලට පැටලෙන එක. ඊට පස්සෙ නඩු වැටුනහම තමන්ගෙ සල්ලි වියදම් කරගෙන නඩු කියන්න ඕනේ. මට මතකයි කවුද මට ඇවිල්ල කිව්වා ගෙදර තියෙන බඩුත් සමහර වෙලාවට විකුණන්න වුණා කියලා නඩු කියන්න. ඉතින් ඒක නිසා අපි කතා කරලා නීති සහන අරමුදලක් පටන් ගත්තා. රජයෙන් මිලියන සීයක් දීල ඒකෙන් අපි පටන් ගත්තෙ මට මතක විදිහට, පොලිසියේ අරමුදලකින් පොලිස්පතිතුමා මිලියන සීයක් දීලා පටන් ගත්තේ ඒක රජයෙන් අපිට නැවත ලැබෙන විදිහට. ඊට පස්සේ අපි ඒ දේ කර ගත්තා. මේ මං මේ මාස 8 ඇතුළත දී කරගත්තු දේවල්.

එතකොට මං හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ පොලිස් නිලධාරීන්ට උපාධියක් ගන්න එක පිළිබඳ කතා කර කර තිබිලා පොලිස්පතිතුමායි මැදවත්ත මහත්තයයි එකතු වෙලා මේ ගැන ගොඩක් බලලා තිබුණා. නමුත් අපිට පුළුවන් වුණා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත් එක්ක ඒ දේ කරගන්න. අපි ඒකට අවශ්‍ය එකඟතාවයක් හදාගත්තා.

ඊට පස්සෙ තිබුණා වාහන ප්‍රශ්නයක් පොලිසියට.ඒකත් අවුරුදු 5ක් තිස්සේ ගන්න හදලා බැරුව තිබුන. අපි කොහොම හරි දැන් ජීප් පන්සීයක් ගත්තා. ඒකේ පළවෙනි එකසිය ගාන ආවා.

ඊට පස්සේ තිබුණු ප්‍රශ්නෙ තමයි bulk ප්‍රමෝෂන් එක 9400 ගානකට.ඒකත් ඇදි ඇදී තිබිලා පොලිස්පතිතුමාටත් හරි ඕන කමක් තිබුණා අපේ කණිෂ්ඨ නිලධාරීන් ල, මේ පොඩි මිනිස්සු ඇත්තටම ඒගොල්ලන්ගෙ උසස්වීම බලන් හිටියා. මං කොහොමහරි ඒකත් කැබිනට් අනුමැතිය ගත්තහම මට මතකයි පොලිස්පතිතුමාට කෝල් කරල කිව්වා මේ අනුමත වුණා කියලා. පොලිස්පතිතුමා එකපාරටම කිව්වේ “අනේ සර් thank you.සර්ට ලොකු පිනක්,සර් නැත්නම් මේක කරගන්න බැරිවෙනවා” කිව්වා.ඉතිං ඒ වචන ටිකෙන් මම දැනගත්තා එතුමාටත් කොච්චර උවමනාවක් තිබුනද මේක කරගන්න කියලා”

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා පැවති දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan