*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

යුගදනවියේ ඉන්ධන සපුගස්කන්දට සහ බාච් වෙත. ඉල්ලුමට සැපයුමක් දෙන්න පුළුවන්. විදුලි කප්පාදුව අත්හිටුවීමේ තීරණයක්! (VIDEO)

ඊයේ දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවෙන් පසු විදුලිය කප්පාදු කිරීමේ තීරණයේ වෙනසක් සිදුව තිබෙන අතර කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම දිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද (25) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.

එම සාකච්ජාවට ලංකා විදුලි බල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පාර්ශව සහභාගී වී තිබේ.

එම සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස යුගදනවි බලාගාරය සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබා දෙන දැවි තෙල් තොගයෙන් කොටසක් සපුගස්කන්ද සහ බාච් යන බලාගාර වෙත ලබා දීමට එකඟතාව ලැබී ඇත.

ඒ අනුව දැනටමත් සපුගස්කන්ද බලාගාරය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 750ක ප්‍රමාණයක් මෙන්ම බාච් විදුලි බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් 900ක පමණ ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි කුඩාහේවා මහතා කියාසිටියේ.

පවතින තත්ත්වය අනුව තාප විදුලි බලාගාරවල ජනනයේ අඩුව නැති වී යන හෙයින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය හැකි බවයි ඔහු කියා සිටියේ.

එළඹෙන 29 වැනිදා පමණ වන විට නොරොච්චෝලේ බලාගාරය පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බවට දැනගන්නට තිබෙන අතර එවිට පවතින විදුලි අර්බුදය යම්තාක් දුරකට විසඳෙන බවද හෙතෙම සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan