“රසකැවිලි” අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට සුදානම් වන ජනාධිපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): ඊයේ දින (24) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමින්, සකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කර තිබේ.

ඒ අනුව කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බවත් හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ද මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

තවමත් භාවිතයට ගෙන නොමැති මහවැලි ඒ සහ බී කලාපවල වගාවන් ප්‍රවර්ධනය කිරීම තුළින් මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇත.

එසේම රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායීතා කොමිසම ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙකුත් රටවල් සමග පවතින නිදහස් වෙළෙද ගිවිසුම් සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ශක්තිමත් කර ගැනීමට රජය පියවර ගනිමින් සිටින බවද පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බවත් පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 08ක පමණ මුදලක් වෙන් කර තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...