හැව්ලොක්ස් සහ සීආර් ජය තහවරු කර ගනිති

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 26 ,(LNW)කොළඹ :

මාස්ටර් කාඩ් ජාතික රග්බි ලීග් තරගාවලියේ පැවති තරග දෙකකින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජ ජය සහතික කර ගන්නට සමත් වුණා.හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේ පැවති තරගයේ දී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කළේ ලකුණු 27 – 21 ක් ලෙසයි.සීආර් කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර පැවති තරගයේ දී සීආර් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 40 – 20 ක් ලෙසයි.


හැව්ලොක්ස් සහ සීඑච් තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායම උත්සාහක දිණුම් හතරක් ද,එහි ප්‍රවර්ථන දෙකක් ද සාර්ථක කර ගන්නට සමත් වුණා.ඊට අමතරව දඬුවම් පහරකින් ලැබුණු ලකුණුත් සමඟ සිය ලකුණු ප්‍රමාණය 27 ක් බවට පත් කර ගත්තා.ඊට පිළිතුරු ලෙස සීඑච් කණ්ඩායම රැස් කළ ලකුණු 21 සඳහා උත්සාහක දිණුම් තුනක් සමඟ එහි ප්‍රවර්ථන තුන සාර්ථක කර ගැනීමද ඇතුළත් වුණා.


හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ජනිඳු ප්‍රනාන්දු සහ ජයතු රාජරත්න උත්සාහක දිණුම් දෙක බැඟින් ලබා ගැනීමට සමත් වුණා.එහි ප්‍රවර්ථන දෙකක එල්ලයන් සාර්ථක කර ගත් සංදේශ් සමරවික්‍රම එක් දඩුවම් පහරක්ද සාර්ථක කර ගනු ලැබුවා.සීඑච් කණ්ඩායම වෙනුවෙන් රමේෂ් ප්‍රනාන්දු උත්සාහක දිණුම් 2 ක් ලබා ගත් අතර ගිම්හාන් සිල්වා එක් උත්සාහක දිණුමක් ලබා ගත්තා.එම උත්සාහක දිණුම් තුනේම ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට මලික්ෂ පෙරේරාට හැකි වුණා.


පොලිස් කණ්ඩායමට එරෙහිව සීආර් කණ්ඩායම රැස් කළ ලකුණු 40 වෙනුවෙන් උත්සාහක දිණුම් හයක් සමඟ එම උත්සාහක දිණුම් හයෙන් පහක සාර්ථක ප්‍රවර්ථන එකතු වී තිබුණා.පොළිස් කණ්ඩායම උත්සාහක දිණුම් දෙකක් සහ එහි ප්‍රවර්ථන දෙක මඟින් ද,දඩුවම් පහරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ද ලකුණු 20 ක් එක් කර ගැනීමට සමත් වුණා.


සීආර් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිණුම් හයෙන් දෙකක්ම වාර්තා කරන්නට සමත් වුණේ වෙනුර කෝදාගොඩයි.නවීන් මාරසිංහ,චමෝද් මුතුනායක,සෙනාල් අධිකාරම් සහ රිනේෂ් සිල්වා එක උත්සාහක දිණුම බැඟීන් ලබා ගත්තා.එම උත්සාහක දිණුම් හයෙන් පහක්ම සාර්ථක ප්‍රවර්ථන කර ගන්නට සමත් වුණේ සුබෙයිර් දොරේ යි.යෙහාන් බුලත්සිංහල පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් දෙකක් ලබා ගැනීමෙන් නොනැවතී සාර්ථක දඩුවම් පහරකින්ද ලකුණු ලබා දුන්නා.පොලිස් පිළේ ලකුණු 20 සඳහා ඩ්‍රොප් ගෝලය වෙනුවෙන් ඉලක්කය සාර්ථක කර ගත්තේ නවීන් කණිෂ්ක යි.
මේ සමග ඇත්තේ හැව්ලොක්ස් කණ්ඩායම සහ සීඑච් කණ්ඩායම අතර පැවති තරගයේ අවස්ථා කිහිපයක ඡායාරූපයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...