ඉතියෝපියාව සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනී

Date:

ඉතියෝපියානු ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද කේ.කේ. තෙෂාන්ත කුමාරසිරි මැතිතුමා, 2023 ජනවාරි 18 වැනි දින අඩිස් අබාබා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගත්තේ ය.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අතනතුරුව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ තානාපතිවරයා, අප්‍රිකානු මහාද්වීපයේ රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා පුළුල් කිරීම කෙරෙහි නව අවධානයක් යොමු වී ඇති බව ප්‍රකාශ කළේ ය. ඒ අනුව, දේශපාලනික හා ආර්ථික අංශ මෙන්ම අප්‍රිකානු සංගමයේ මූලස්ථානය ලෙස කටයුතු කරමින් අනෙකුත් අප්‍රිකානු රටවල් සමඟ සම්බන්ධ වන වැදගත් හවුල්කරුවකු ලෙස ඉතියෝපියාව හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකා විදේශ සේවයේ වසර 20 ක සේවා පළපුරුද්දක් සහිත කේ.කේ. තෙෂාන්ත කුමාරසිරි මැතිතුමා, බ්‍රසීලය, දකුණු කොරියාව, ප්‍රංශය යන රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහ පැරීසියේ යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ සේවය කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන එතුමා,  කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අඩිස් අබාබා

2023 ජනවාරි 23 වැන දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...