රාජ්‍ය ඇමතිගේ මාරක රිය අනතුර ගැන රථය පැදවූ රියදුරා පොලීසිය හමුවේ පාපොච්චාරණය කරයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): “අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියරුදු ප්‍රභාත් එරංග පොලීසියට කරුණු හෙළිකර ඇත.  

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවද මාධ්‍ය වාර්තා පළවෙයි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ තුවාල සිදුවී තිබූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...