රාජ්‍ය ඇමතිගේ මාරක රිය අනතුර ගැන රථය පැදවූ රියදුරා පොලීසිය හමුවේ පාපොච්චාරණය කරයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): “අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියරුදු ප්‍රභාත් එරංග පොලීසියට කරුණු හෙළිකර ඇත.  

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවද මාධ්‍ය වාර්තා පළවෙයි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ තුවාල සිදුවී තිබූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...