*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ලංකාවට තිළිණයක් නොවූ තිළිණගේ තිළිණය ඇමෙරිකාවට

රටේ අනාගතය ගැන සිතීම, රටක වැදගත්ම අංගයක්ය.එසේම දක්ෂයන්ට නිසි අගයක් දීම ද රටකට අතිශයින්ම වැදගත්ය.ඔවුන් රැක ගැනිම සහ පෝෂණය කිරීම රටේ වගකීමක්ය.ඒ කිසිවක් නැතුව දේශපාලනය විසින් මෙය පිං බිමක් යැයි නාමකරණය කර,එහි ඉපදීමම ප්‍රමාණවත් යැයි සිතන්නට හුරු කරපු මිත්‍යාවේ ගිලුණු මිනිස්සු ඒ ඉපදීමේ පිනෙන් සෑහී සහනාධාරවලින් කුස පුරවා ගෙන ජීවත්වීමට හුරු වි සිටිති.

මේ කුසගින්නේ මිය යන,නූගත්කම ආශිර්වාදයක් කර ගත් පොළවක අවිද්‍යාත්මක ඇදහීම් පිළිගැනීම්,බෙදී ඇන කොටා ගැනීම් සහිතව අර්බූදයක් නැතැයි කියන්නට කිසිවක් නැති තරම් අර්බූදයට ගිය පිං බිමක් යැයි කියා ගන්නා මිත්‍යාවකි. සිට සිය රට දේ සිරි සැප දේ කියමින් සුළං විඳිමින් ඉන්න පිරිස් හැරෙන්නට මිනිස්සුන්ට ආත්මීය හෝ භෞතිකව වෙනස් ආස්වාදයක් ලැබෙන්නේ නැත.

එවැනි පොළවකින් මිනිස්සු ඉවත්වන්නේ උපන් බිම ගැන හැඟීමක් නැතිව නොවේ.ඊට වඩා පුළුල් තැනක් ඒ ජීවිතවලට පිරෙන්නට අවශ්‍යය නිසාය.ඒ හැකියාවට සහ දැණුමට සරිලන ලෙස ය.නමුත් පාලකයෝ තමන්ගේ හතරවරිගයටම පුරවා ගන්නවා මිස රටට අවශ්‍යය හැකියාවන් රකින්නට හෝ වර්ධණය කරන්නට අන්දමට වපසරිය පුළුල් කරන්නට වැය කරන්නේ නැත.

මෙවැනි වටපිටාවක උපාධිධාරියෙක් මෙන්ම රටේ මේස පන්දු ක්‍රීඩාවේ අංක එක හැටියට සිටිය තිළිණ පියදාස තමන්ට හිමි පළල් අවකාශය ඇති ඇමෙරිකාව ජීවත්වීම සඳහා තෝරා ගන්නේය.ඒ අනුව වෘත්තීයමය වශයෙන් සතුටු වි හැකි පදනමක්ම පමණක් නොවන ක්‍රීඩාමය හැකියාව වර්ධනය කර ගන්නට මෙන්ම ක්‍රීඩාවේ නිසි තැන් දැණුමට අනුව ස්පර්ශ කරන්නටද තිළිණට අවකාශය ලැබිණ.

තිළිණ මෙන්ම රිෆ්කා කාමිල් හිටපු මේස පන්දු සූරියගේ ද ඊ ළඟ පරම්පරාව ඇරඹෙන්නේ අප මුලින් මේ සටහනට එකතු කළ ශ්‍රී ලංකාවේ ඒ ජීවිත වෙනුවෙන් නැති පළල අවස්ථාවන් සමඟය.ජානමය මෙන්ම ඇපවීම සහ කැපවිම සඳහා ප්‍රතිචාර ලෙස ලැබෙන වටිනාකම් සහිත තෘප්තිය විසින් ඒ පරම්පරාව ඇමෙරිකාවේ ඉහළම පිළිගැනීම් සහිත මේස පන්දු මාවතේ තරු කරා රැඟෙන යන්නට පසුබිම සකසන්නේ එබැවින්ය.

වර්ධනයේ ලක්ෂණයන් සහ ඒ පදනම් සියල්ල විද්‍යාත්මකය.තාක්ෂණිකය.සරලව කිව්වොත් ලංකාවට වඩා දියුණුය.ඒ හිතන්නටවත් නොහැකි අන්දමේ වැඩ පිළිවෙලක් සහිතවය.සැළසුමකට අනුවය.ක්‍රීඩාව සහ අධ්‍යාපනය යනු දෙකක් නොවන, අධ්‍යාපනික විෂයක් සේ ම වෘත්තීය නිපුනතාවක් සේ සළකන පොළවක,තිළිණලාගේ දියණියන් දෙදෙනා මේස පන්දුවට පිවිසෙන්නේය.ඒ අතරින් මේ වන විටත් ලෝකයම අවධානය යොමු කර තිබෙන මේස පන්දුවේ අනාගතය වෙනුවෙන් සැළසුම් කරන උසස් ක්‍රීඩක කීඩිකාවන් අපේක්ෂා කරන 2022 ITTF World Hopes වැඩ සටහනට අයත් ලබාල ක්‍රීඩිකාවන් විසි දෙනා අතරට ඇයද ඇතුළත් වන්නීය.ඇය නමිනී ටාෂියා ය.
ටාෂියා පියදාස නම දැනටත් සිංහල නුහුරු ඇමෙරිකානු මේස පන්දු ලෝලීන් ඇත්තටම බලාපොරොත්තු තියාගෙන පියඩාෂ නමින් මුමුණන නමක් වි අවසන්ය.ඒ දුවට පමණක් නොව දුව පුහුණු කරන තාත්තාටද එක්කමය.මේ පුංචි පියඩාෂ අවුරුදු 11 න් පහළ සිටම සිය වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නේය.ඇමෙරිකානු සූරිය වන්නීය.ජාත්‍යන්තරය බලාපොරොත්තු තබන සංයුතියට ඇතුළත් වන්නීය.

මේ ජාත්‍යන්තර සංචිතය අතර තරගයක් නැතිනම් අවුරුදු 12 න් පහළ ලොව සිටින හඳුනාගත් දක්ෂයන් අතර තරගයක් 2022 ITTF World Hopes Week & Challenge,නමින් 2023 ජනවාරි 16 – 22 දක්වා ප්‍රංශයේ හෙනීබොන්ට් හී දී පැවත්විණ.එයට සංචිතගත ක්‍රීඩිකාවන් 20 දෙනා මෙන්ම ඒ ආකාරයටම සංචිතගත කර තිබෙන ක්‍රීඩකයින් 20 දෙනා ද ඇතුළත් වි සිටියේය.එහිදී ලොව දෙවැන්නිය වන්නට සමත් වුණේ ඇමෙරිකාව නියෝජනය කළ ටාෂියා ය.අපට උරුම කරගන්නට සුදුසු පොළවක් නැති ඇයට, ඇමෙරිකාව වැඩෙන්නට ඇවසි දිය පොහොර නොමදව ලබා දී පොළවක් තනා ඇත.ඇය අතු පතර විහිදා ලෝකය පුරා ඒවා විහිදන්නේ ඒ ශක්තීන් ලබා දෙන ආශිර්වාදයෙන්ය.

එහිදී ඇයට ඉදිරියෙන් සිටියේ තායිලන්තයේ කුලපාසර් විජිට්විරියාකු පමණි.කුලපසාර් මෙන් පිරිමි කණ්ඩායම් ඉසව්ව ජය ගත්තේ ඉතාලියේ දනිලෝ ෆාසෝය.ෆරාස් ශකීබා ඉරානය නියෝජනය කරමින් පිරිමි කාණ්ඩයේ දෙවන තැන දිනා ගත්තේය.ටාෂියා පමණක් නොව ඉදිරි දිනයක මේ අභියෝගය ජය ගන්නට ඇඟේ නැගණියද පෙරට එනු ඇත.ටියානා තවමත් අවුරුදු 11 පහළ ක්‍රීඩා කරන්නටත් කුඩා වැඩි තරමේය.නමුත් ඇය එම වයස් කාණ්ඩවල සූරතා සහ අනු සූරතා ස්පර්ශ කරමින් අක්කාගේ මඟම යන්නීය.
අප නොතකන සහ නොතකන ලෝකය අප පසු කර ඉදිරියට යන්නේ ඔවුන්ගේ චින්තනය නිසාය.ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සහ සම්මේලන ශත පහකට ගණන් නොගෙන බය කරන්නට හදන අමාත්‍යවරයා ඇතුළු ක්‍රීඩා පරිපාලකයෝ නොදන්නා දේ මේ ක්‍රීඩා සංගම් හිතන්නේ සහ වැඩ කරන්නේ ලෝකයට බැවින්,එම රාමුව අභිබවා යාමට රටකට නොහැකිය.

මේ වැඩ සටහනේ පදනම ද ජයග්‍රාහිකාව සොයා යාම නොව දක්ෂයා ඇගයීම මෙන්ම ලෝකයට හඳුන්වා දී ඔවුන් දිරි ගැන්වීම සහ තව දුරටත් දැණුම යාවත්කාලීන කිරීමේ අපේක්ෂාවය.ලොව පුරා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් විස්ස බැඟින් රැඟෙන ආ පුහුණුකරුවන්ට ද මෙහිදී අවස්ථා බොහෝ හිමි විණ.තරගාවලියට සහභාගි වන්නට පෙර ඔවුන් අනිවාර්යෙන් මාර්ගගත පාඨමාලාවකට සහභාගි විය යුතු විය.එසේම ඒ පාඨමාලාව අවසන් කිරීමෙන් ඉනික්බිති ඔවුන් ලබා දෙන ක්‍රීඩා පුහුණු සැළසුම් ඉහළ අවබෝධයක් ඇති මණ්ඩලයක සැළකිල්ලට යොමු කරන අතර,එහි හොඳම සැළසුම හිමි අයට ලෝකයේ බලාපොරොත්තු සපිරි මේස පන්දු පැංචන් පැංචියන් සමඟ එම සැළසුම ක්‍රියාත්මක කිරීමට ද ඉඩ සැකසේ.එසේම ඇමෙරිකානු ඩොලර් 1000 ක් වටිනා පුහුණුව ඉගෙන ගැනීමට අවශ්‍යය ශිෂ්‍යත්වයක් ද ඔවුන්ට පිරි නැමේ.

තිළිණ අපට තිළිණයක් නොවුණි.එසේත් නැතිනම් අපට එතරම් දේ වටහා ගන්නට ඇති පරිපාලන බුද්ධියක් සහිත මිනිසුන් හෝ ඒවා වටහා ගෙන රැක ගන්නට සහ පෝෂණය කරන්ට නිවැරදි සැළසුමක් ද නොවිණ.ඒ නිසා අපට තිළිණයක් සේ නොදැණුන තිළිණ,රිෆ්කා සමඟ එක්ව ඔවුන්ගේ ජීවිතයට සිය ලෙයින් සකසා ගත් තිළින දෙක ඇමරිකාව තමන්ගේ දේශයට ලැබුණ තිළිණ සේ භාරගෙන අවසන්ය.ලෝකයද ඒවා ට පෙම් බැඳ සුරකින සැළසුම් සකස් කර ඇත.

ක්‍රීඩාව සේ මේ පොළව කෙතරම් දුප්පත් ද කියා දැන ගන්නට හොඳම උදාහරණය, වෙනත් රටවල ඉතා සාමාන්‍ය තත්ත්වයේ ක්‍රීඩකයෙක්ට ද ඒ රටවල සැළසුම් සහ සම්පත් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉක්මවා යාමට හැකි විමය.එය ලෝකය ජය ගන්නට ප්‍රමාණවත් නැත.උපරිම දකුණ ආසියාවය.ඉද හිට ආසියාතික මට්ටම සළකුණු කර එන්නට ඉඩ ඇත.නමුත් මේ පොළවේ සැබෑ දක්ෂයන්ට ඒ මහා සම්පත් සහ සැළසුම් සහිත බිම ස්පර්ශ කරන්නට ඉඩ ලැබුණොත් තත්ත්වය වෙනස්ය.අද වන විට යුපුන් අබේකෝන්,උෂාන් තිවංක සහ ධනුෂ්ක සඳරුවන් වැන්නන් ඔප්පු කරමින් සිටින්නේ එය ය.

ඒ නිසා විදේශ රටවල ලාංකිකයන් පීරා ඔවුන් රටට ගෙන ඒමට වඩා වැදගත් සහ පලදායි ප්‍රතිපල ලබන්නට ලංකාවේ සිටින දක්ෂතමයන් සඳහා හොද සම්පත් සහිත පොළවක් ලබා දෙන්නේ කෙසේද යන්න කල්පනා කිරීම වටින්නේය.ටාෂියා සහ ටියාෂා ලංකාවට ගෙන පදක්කම් දිනිය හැකි දැයි අනුන්ගේ පහණෙන් තමන්ගේ මහන්සියෙන් තොරව උත්සාහ කරන්නට මඟ බලන්නෙක් වේනම් ඔහු හෝ ඇය කළ යුත්තේ මේ පොළවේ දක්ෂයන්ට වැඩෙන්නට හොඳින් දිය පොහොර ඇවසි බිමක් සකසා දීමය.

ටාෂියා ඔබට මෙන්ම ටියාෂා ට ද අපේ සුබ පැතුම්!
වඩාත් පොහොසත් පොළවක අරුමය හැඩය සහ විනය සමඟ ජය ටැඹ මුදුණටම යන්නට ඔබ දෙදෙනාට ශක්තිය සහ ජවය!

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan