ඉල්ලා අස්වීම් ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Date:

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ඉල්ලා අස්වී ඇති බවට සහ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවූ පුවත් අසත්‍යය බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සභාපතිවරයා ඇතුළු මැතිවරණ කොමිසම එහි ව්‍යවස්ථාපිත කාර්යයන් හා 2023 පළාත් පාලන මැතිවරණයට අදාළ කාර්යයන් කිසිදු අඩාල වීමකින් තොරව, සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණ කොමිසම කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් යුතුව අසත්‍ය පුවත් වරින් වර නිර්මාණය කර ප්‍රචාරණය කරන බවක් නිරීක්ෂණය වී ඇති බව ද එම කොමිසම වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...