ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දිවයිනට

Date:

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුවට සහභාගි වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ මහත්මිය දින පහක සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඇය මෙරට රැඳී සිටින කාලයේ දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් ඇතුළුව පාර්ශ්ව රැසක් සමඟ ද්වීපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි .

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා මහලේකම්වරිය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත බව පෙන්වා දෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පෙබරවාරි මස පළමු වැනිදා මෙරටට පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවද කියාසිටී. සිය සංචාරය අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ…

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...