*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඩොලර් බිලියන 6.9 ක ණය පියවීම පිළිබඳ මහ බැංකු අධිපති ගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ඊයේ (26) පස්වරුවේ Squawk Asia (CNBC) ජාත්‍යන්තර නාලිකාව හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවට මෙම වසරේ ගෙවීමට ඇති ඩොලර් බිලියන 6.9 ක ණය පියවීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළේය.

මෙම ණය ප්‍රමාණයෙන් බොහෝ ණය ශ්‍රී ලංකාව පදනම් කරගත් ණය වන අතර, ඒවා අලුත් කිරීම සඳහා දැනටමත් සාකච්ඡා සිදුකර ඇති බව මහබැංකු අධිපතිවරයා පැවසීය. එමෙන්ම, ඒ අතර වන ඇතැම් බහුපාර්ශ්වික ණය සඳහා ද අරමුදල් අවස්ථා ලැබෙමින් පවතින බව පැවසූ කබ්රාල් මහතා මෙම තත්ත්වය මත එම ණය ගෙවීම පිළිබඳව අවදානම් තත්ත්වයක් රටට නොපවතින බව ද පැහැදිලි කළේය.

ණය ගෙවීමේ අවදානම් තත්ත්ව පිළිබඳ අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ගෙවීම පිළිබඳව සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක්ම පැවති බවත්, එයින් මෙම වසර තුළ ඩොලර් බිලියන 1.5 ක මුදලක් පියවීමට තිබූ බවත්, ඉන් ද ඩොලර් මිලියන 500 ක් මේ වන විටත් පියවා අවසාන බැවින් ඉතිරි ඩොලර් බිලියනය පියවීමට ඉතිරිව ඇති බවත් ය.

එමෙන්ම ඉදිරි වසර 07 ක කාලය තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ක ප්‍රමාණයක් ගෙවීමට ඇති අතර, එම සන්දර්භය තුළ මීළඟ වාරිකය ගෙවීම සඳහා දැනටමත් ‘විකල්ප’ මූලාශ්‍ර ඔස්සේ අරමුදල් සැපයෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

මෙසේ විකල්ප මූලාශ්‍ර වෙත යොමුවීමේ ක්‍රමෝපාය අනුගමනය කිරීමට හේතුව පවතින තත්ත්වය තුළ වෙළඳපලට ප්‍රවිශ්ඨ වීමට ඇති අපහසුව බව පැහැදිලි කළ කබ්රාල් මහතා, මෙම ක්‍රමෝපාය යොදාගැනීම හරහා ශ්‍රී ලංකාව ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවාගැනීමට නොහැකිවීමේ අවදානම සියයට 17 කින් අවම කර ගැනීමට සමත් වූ බවත්, ඉකුත් ජූලි මස තුළ එය සියයට 23 කින් අවම කර ගැනීමට සමත් වූ බවත් සැල කළේය.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan