V8 වලින් යන ඇමතිලා ජනතාවට සයිකල්වලින් යන්නලු! (VIDEO)

Date:

පාපැදියෙන් රැකියාවට යන්න කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එහෙම යෝජනා කරන අය යන්නේ V8 වැනි සැප වාහනවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට යැයි තමන් ඔවුන්ට කියන බවද විපක්ෂ නායකතුමා සඳහන්කළේය.

දැන් තරඟෙට සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත් එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව ඒවා තුළ ඇති නිසා බවත් හෙතෙම කියා සිටියේය.

කොවිඩ් ව්‍යසනය තුළින් අපේ රට දැවැන්ත වසංගතයකට මුහුණ දෙන අවස්ථාවේ මෙරට යල්පැන ගිය දේශපාලනය වෙනස් කරමින් විපක්ෂයක් ලෙස රටට අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, සෙසු සියලු දේශපාලන පක්ෂ වලටද ඊට ආරාධනා කරන ලදී.

සෞභාග්‍ය දැක්ම වෙනුවට අභාග්‍යයේ දැක්ම නිර්මාණය වී ඇති අතර කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, සිමෙන්ති පෝලිම් රට පුරා නිර්මාණය වී ඇති බවයි ඔහු පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජනබලවේගයෙන් හුස්මක්” සහ “ජනසුවය” ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට අද (27) ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...