ආදිවාසී නායකයාගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර!

Date:

රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්‍රදේශයේ ආදිවාසීන්ට අයත් ගම් බිම් එළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කර ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27)අවසර ලබාදී තිබේ.

එම පෙත්සම සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත්තේ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වයන් වෙත එම පෙත්සම සම්බන්ධයෙන් අප්‍රේල් මස 05 වනදා කරුණු දක්වන ලෙස ද නොතීසි නිකුත් කිරීමට නියෝග කර තිබේ.

පෙත්සම ගොණු කරමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තෝව පවසන්නේ රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවයි.

එමඟින් සිය නිජබිම්වලට හානි සිදුවන අතර පාරිසරික වශයෙන් විශාල අගතියක් සිදු වන බවයි ආදිවාසී නායකයා සඳහන් කරන්නේ.

එබැවින් අදාළ ඉඩම් පවරා ගැනීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...

මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී...