මිලියන 26 කට අධ්‍යාපනය අහිමි පාකිස්තාන් දරුවෝ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැඩි ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මැදි වී සිටින පාකිස්තානයේ දරුවන්ගෙන් මිලියන 26.21ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව එරට අධ්‍යාපන ආයතනයේ නව වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට පෙර නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවයට අනුව එම සංඛ්‍යාව මිලියන 22.02ක්ව තිබූ බව ද වාර්තා වේ.

නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ , පාසල් අධ්‍යාපනය බිඳ වැටීම ඉදිරියේදි එරට අනාගතයට දැඩි බලපෑමක් එල්ල වන කරුණක් වී ඇති බවයි.

පාකිස්තාන අධ්‍යාපන සංඛ්‍යාලේඛන ආයතනයේ 2021-22 වාර්තාව මඟින් එරට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් විමතිය දනවනසුලු කරුණු රැසක් හෙළි වී ඇති අතර, පාසල් යා යුතු වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 39% ක් දැනට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටීම බරපතළ තත්ත්වයක් බව ද පෙන්වා දී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...