ඉන්දියාව තම භූමිය තුළ නීති විරෝධී ඝාතන සිදු කළ බවට පාකිස්තානයෙන් චෝදනා

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(26)දිනයෙදී, ප්‍රවෘත්ති සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් පකිස්ථාන විදේශ ලේකම් මුහම්මද් සයිරස් සජාඩ් කාසි ප්‍රකාශ කර තිබුණේ, පසුගිය වසරේ සැප්තැම්බර් 8 වන දින පාකිස්ථාන පාලිත කාශ්මීරයේ දී මුහම්මද් රියාස් සහ කාශ්මීරයට ආසන්න සියල්කොට් නගරයේ දී ෂහීඩ් ලතීෆ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ඒජන්තයින් සම්බන්ධ බවට විශ්වාසනීය සාක්ෂි ඉස්ලාමාබාද් සතුව ඇති බවයි.

එමෙන්ම කැනඩාව සහ එක්සත් ජනපදයේ පසුගිය කාලයේ සිදුවූ ඝාතන හා සම්බන්ධ සිද්ධීන්ට ගැලපෙන බවත්, එය පැහැදිලිවම නීති විරෝධී බවත්, දේශ සීමාවෙන් පිටත ඉන්දියානු ඝාතන ඉන්දියානු ජාලය ගෝලීය සංසිද්ධියක් බවට පත්ව ඇති බවයි.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) Qazi ගේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකශ කර තිබුණේ, පකිස්ථානයේ අසත්‍ය සහ ද්වේශ සහගත ඉන්දීය විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයේ නවතම උත්සාහය මෙය බවයි.

ලෝකය දන්නා පරිදි, පකිස්ථානය දිගු කලක් ත්‍රස්තවාදයේ, සංවිධානාත්මක අපරාධවල සහ නීති විරෝධී අන්තර් ජාතික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය වී ඇති අතර විශේෂයෙන් මතභේදයට තුඩු දී ඇති කාශ්මීර ප්‍රදේශය තුළ ත්‍රස්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාව දිගු කලක් තිස්සේ පකිස්ථානයට චෝදනා කරයි. මෙම ආරවුල ජාතීන් දෙක අතර යුද්ධ තුනකට තුඩු දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...