නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): අද(27) රාත්‍රියේ නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම් දෙයි.

අද රාත්‍රී 7 සිට රාත්‍රි 8.30 දක්වා පෙරහැර පැවැත්වීමට නියමිත බව පොලිසිය පැවසුවේය.

පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

පෙරහැර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව වනු ඇති අතර, ගමනාගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කිරීමට අපේක්ෂිත රියැදුරන්ට සහ මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ජනතාවට දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...