අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට

ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මෙරටට රැගෙනවිත් තිබේ.

ඊයේ (27) රාත්‍රී 9.00 ට පමණ එම දේහය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙනවිත් ඇති අතර දේහය භාර ගැනීම සඳහා ඒ මහත්මියගේ සමීප ඥාතීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජනවාරි 17 වනදා අභාවප්‍රාප්ත වූ නීලා වික්‍රමසිංහ මහත්මිය ඒ වනවිට 71 වැනි වියේ පසු වූවාය.

ගුවන් තොටුපලට රැගෙන ආ ඒ මහත්මියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලට යොමුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කොළඹ, පැපිලියානේ පිහිටි ඒ මහත්මියගේ නිවස කරා රැගෙන යාමට නියමිතය.

RN