අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට

Date:

ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මෙරටට රැගෙනවිත් තිබේ.

ඊයේ (27) රාත්‍රී 9.00 ට පමණ එම දේහය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙනවිත් ඇති අතර දේහය භාර ගැනීම සඳහා ඒ මහත්මියගේ සමීප ඥාතීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජනවාරි 17 වනදා අභාවප්‍රාප්ත වූ නීලා වික්‍රමසිංහ මහත්මිය ඒ වනවිට 71 වැනි වියේ පසු වූවාය.

ගුවන් තොටුපලට රැගෙන ආ ඒ මහත්මියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලට යොමුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කොළඹ, පැපිලියානේ පිහිටි ඒ මහත්මියගේ නිවස කරා රැගෙන යාමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...